ප්‍රසිඩන්ට් තෝරන සුපර් ස්ටාර් ළඟදීම සිනමාහල්වල

Avatar Nisanka Weheraduwa | October 20, 2019 237 Views 0 Likes 0 Ratings

237 Views 0 Ratings Rate it

කැළුම් රත්නායක යනු රූපවාහිනී ආයතනයක ප්රධාන විදායක නිලධාරියා ය. ජනප්රිය සුපර් ස්ටාර් වැඩ සටහන් කිහිපයක් තම රූපවාහිනී නාලිකාව තුළින් ඉදිරිපත් කළ ඔහු නව ආකාරයක සුපර් ස්ටාර් සංකල්පයක් ගැන සොයා බලයි. අවසානයේ දී තම ආයතනයේ සුළු සේවකයකු ජන නායකයින් අනුකරණය කරමින් කරන රඟපෑමක් අහම්බෙන් දැක “ප්රසිඩන්ට් – සුපර් ස්ටාර්” නමැති නව රූපවාහිනී වැඩ සටහනක් ඇරඹීමට සැලසුම් කරයි.

රටේ ප්රථම පුරවැසියා ලෙස අභිෂේක ලැබීම තරඟයේ ස්වභාවය වෙයි. ඒ සඳහා රටේ සෑම දිසාවකින්ම තරඟකරුවෝ රැසක් ඉදිරිපත් වෙති. දෙවැනි වටයට තරඟකරුවන් දොළොස්දෙනෙක් තෝරා ගැනේ. විවිධ අදහස් ඇති ඔවුන් රටේ ජනාධිපතිවරයා ලෙස ජයග්රහණය ලැබීම සඳහා තම සුදුසුකම් ඉදිරිපත් කරති. අවසාන වටය සඳහා තුන්දෙනෙකු තෝරා ගැනේ.
දසරාජ් ධර්මපාල යනු ශුර කපටි නුවණකින් යුතුව තම අදහස ඉදිරිපත් කරන ජනප්රිය මතවාදී අපේක්ෂයෙකි. අසිත මාපලගම යනු සමාජවාදී අදහස් දරණ රැඩිකල් පුද්ගලයෙකි. දුෂ්මන්ත සේනාධීර ප්රජාතන්ත්රවාදී අදහස් දරණ රටේ සැබෑ දියුණුව සඳහාතම නිවැරදි අදහස් ප්රකාශ කර සිටින පුදගල්යෙකි. ඔහුගේ බිරිඳ දිලංකා ගැබ්බරය.

මෙම අපේක්ෂකයෝ තිදෙනා කලාව, අධ්යාපනය, නීතිය, ජනමාධ්ය, ජාතිවාදය, ත්රස්තවාදය, පාතාලය නැති කළ හැකි ක්රමවේද , බලය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරති. මෙම අදහස් ප්රකාශ කිරීම් වරෙක උත්වේගකරය. තවත් වරෙක හාස්යජනකය, තම අදහස් තහවුරු කිරීම සඳහා ඔවුහු වරින්වර වේදිකාව මත විවිධ ප්රසංගයන් ඉදිරිපත් කරති. ජාතිය පිළිබඳ කතිකාවේ දී සිංහයෙකු සමඟ කෙරෙන සංවාදය, පාතාලය පිළිබඳ කතිකාවේදී පාතාල නායකයෙකුගෙන් අදහස් විමසීම, මෙන්ම හිට්ලර් , මැන්ඩෙලා වැනි විවිධ ජන නායකයින් ද වරින් වර වේදිකාවට ගොඩ වෙති . නරඹන්නන් මෙන්ම ප්රේක්ෂකයින් ද විවිධ හැඟීම් ප්රකාශ කරති.

රටේ බොහෝ ජනතාව මෙම අපුර්ව වැඩසටහන නැරඹීමට පෙළ ගැසෙති. මෙය නිර්මාණය කළ රූපවාහිනී ආයතනයේ ප්රධානී කැළුම් රත්නායකට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ. බාධක රැසක් මැද ඔහු තරඟය අවසානය දක්වා රැගෙන යයි.

මේ සියලු සිදුවීම් සහ චරිත ඔබට හමුවන, උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ අපූරු ප්‍රහසනාත්මක සිනමාපටය “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” ඔක්තෝබර් 25 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ඔබට නැරඹිය හැකියි.

Share

237 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.