ප්‍රියංකා දික්කසාද වන බවට පැතිරුනු කතාව බොරුවක්

Avatar Nisanka Weheraduwa | April 2, 2019 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

බොලිවුඩ් නිළියක් මෙන්ම හිටපු ලෝක රූ රැජිණක්ද වන ප්‍රියංකා චොප්රා දික්කසාද වන බවට පුවතක් පසුගියදා ලෝකය පුරා පැතිර ගියා. gossipcop.com වෙබ් අඩවිය හරහා ඇරඹි මේ පුවත එතැනින් ලෝකය පුරා වෙබ් අඩවි ඇතුළු සමාජ ජාලා මාධ්‍ය වල පැතිර ගියා. ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වුනු මේ පුවතින් කියවුනේ ප්‍රියංකා සහ නික් අතර දිගින් දිගටම ප්‍රශ්න ඇතිවෙමින් පවතින බවත්, කෑම බිම, සාද සම්භාෂණ, වෘත්තිමය කටයුතු ආදී සියල්ල වෙනුවෙන් මේ දෙදෙනා නිතර ගැටුම් ඇතිකර ගන්නා බවයි. ඒ හේතුවෙන් ඇගෙන් වෙන්වන ලෙස සිය පුතුගෙන් ඉල්ලා සිටි බව නික් දෙමව්පියන් පවසා ඇතැයිද මේ වෙබ් අඩවිය වාර්තා කොට තිබුනා.

නමුත් මේ කතා සියල්ල අසත්‍ය බව ප්‍රියංකා චොප්රාට සමීප හිතවතුන් ප්‍රකාශ කරනවා. සමාජ ජාලා හරහා ව්‍යාප්තව ගිය පින්තූර උදාහරණයට ගනිමින් ඔවුන් මෙය සනාථ කරනවා. Instagram සහ Facebook හරහා ප්‍රියංකා පසුගිය දිනවල දිගින් දිගටම ඇගේ සහ නික්ගේ ආදරණිය අවස්ථා සහිත පින්තූර සමාජගත කොට තිබුනා. ඒ මගින් පවා මේ පුවත අසත්‍ය බව හෙළිවන බවයි ඇගේ සමීපතමයින් පවසන්නේ. කෙසේ නමුත් මේ පුවතට එරෙහිව ඉදිරියේදී ප්‍රියංකා සහ නික් විසින් කිසියම් පියවරක් ගනු ඇති බවත් මේ යුවලගේ සමීප හිතවතුන් පවසා තිබුනා. නමුත් ප්‍රියංකා මේ වනතෙක් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ කිසිවක් ප්‍රකාශ කොට තිබුනේ නැහැ.

කෙසේ නමුත්මි මීට දෙදිනකට පෙර ප්‍රියංකා, ඇගේ පළමු Jonas Brothers ප්‍රසංගයට සහභාගී වූ බවත්, එම පවුලේ සාමාජිකයකු වීමට ලැබීම මහත් සතුටක් බවත් පවසමින් අන්තර්ජාලයට පින්තූර එක්කොට තිබුනා.

priyanka 2priyanka 3 Priyanka

Share

83 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.