ප්‍රියංකා චොප්රා යළිත් ඉන්දීය සිනමාවට ළඟදීම

Avatar Nisanka Weheraduwa | March 9, 2018 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩ් නිළියක් මෙන්ම හිටපු ලෝක රු රජිනක්ද වන ප්‍රියංකා චොප්රා කලකට පසුව යළිත් ඉන්දීය සිනමාවට පිවිසෙන බව පැවසෙනවා. බොලිවුඩ් තරු පිරිසක් අතර ඇතිවූ “online chat details” උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව පවසා තිබුනා. ඇය පසුගිය කාලය පුරා විවිධ චිත්‍රපට ව්‍යාපෘතීන් කිහිපයක් සමග සාකච්චා කරමින් සිට ඇති බවත් 2019 වසරේ ඉන් එකක වැඩ කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවත් මෙමගින් නිවේදනය කොට තිබුනා. රාකේෂ් ශර්මාගේ Bio pic ව්‍යාපෘතියක් පිළිබඳවත් ඇය සාකච්චා කරමින් සිට තිබෙනවා. කෙසේ නමුත් මේ තොරතුරු තවම ඇය නිළ වශයෙන් දැනුම් දී නොමැති බවත් සඳහන්.

තරු තොරතුරු උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට එම group chat සංවාදයේදී රන්විර් සිං ප්‍රියංකාගෙන් “We all miss you a lot, Whyu don’t you come back to India and do some more hindi films..?” ලෙස විමසා තිබෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රියංකා “It’s almost happening” යනුවෙන් පවසා තිබෙනවා.

ප්‍රියංකා හොලිවුඩ් ඇතුළු බටහිර ලෝකයේ ආදරය ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුනා. පසුගිය OSCAR සිනමා සම්මාන උළෙලේ Official Trailer කොටසක් සඳහාත් ඇය පෙනී සිටියා. ඇමරිකානු රුපවාහිනි වෘතාන්ත මාලා නාටකයක් වන  “Quantico”හි ඇය රංගන කටයුතු වල නියැලෙමින් සිට තිබෙනවා. මේ වනවිට ඒ කටයුතු නිමවමින් ඇති බවත් සඳහන් වනවා.

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.