පාසල් ප්‍රේමය සිහිපත් කරවන 96 – ජෙගන් ගනේෂන් ලියයි
Jegan Ganeshanගේ සටහනක්
******************************************
සෑම කෙනෙකුම කුළුඳුල් ප්‍රේමයේ අත්දැකීම ලබන්නේ පාසලේ දී, ආදරය කියන්නේ මොකක්ද කියලාවත් නොතේරෙන වයස ඇති වන ප්‍රේමය ජීවිතයේ කවදෝ හෝ දවසක දී වූවත් මතක් කරමින් සතුටක් ලැබිය හැක. අප ජීවිතයේ කොයි තරම් බොළඳ වැඩ කරලා තියෙයි ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒවා මතක් වෙද්දි තමා. සමහරුන් සිහිවටන පවා එකතු කරනවා. වසර විස්සකට පසුව ඔබේ පාසැල් පෙම්වතියව හමුවන්නේ නම් එදින ඔබේ හැසිරීම කෙසේ වනු ඇත්ද.? ඇයගේ හැසිරීම කෙසේ වනු ඇත්ද? මේ ගැන ඉතා අලංකාර ලෙස කියූ චිත්‍රපටියක් තමා 96 කියන්නේ.
සී. ප්‍රේම් කුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් විජය සේදුපති, ත්‍රිෂා ක්‍රිෂ්ණන්ගේ රංගනයෙන් පසුගිය මස තිරගත වූ චිත්‍රපටිය 96. මේ චිත්‍රපටියට 96 කියන නම ලැබිලා තියෙන්නේ රාම් (විජයසේදුපති) ජානු (ත්‍රිෂා) පාසැලෙන් ඉවත් වූ අවුරුද්ද නිසයි ඊට වඩා ලොකු හේතුවක් නම් නෑ. මේ දෙන්නාගේ රංගනය ගැන කොහොමත් වැඩියෙන් කියන්නට අවශ්‍ය නෑ. සේදුපති කියන්නේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉටු කරන කෙනෙක්. ත්‍රිෂාගේ රංගනය ගැන මෙහි දී විශේෂයෙන් කියන්නට වෙනවා, අසාමාන්‍ය රංගනය මේ චිත්‍රපටියේ දැකගන්නට තිබුණා. තමන්ගේ චරිතය හොඳටම කර තිබුණා.
නමුත් මොවුන් දෙන්නාගේ පාසල් කාලයේ චරිතය නිරූපණය කරන දෙන්නා ගැන කියන්නම අවශ්‍යයි, මෙය ඔවුන්ගේ පළමු චිත්‍රපටිය කියලා හිතනවා. නමුත් නරඹන්නට මේ ඔවුන්ගේ පළමු චිත්‍රපටිය ම ද යන ප්‍රශ්නයක් මතු කරන තරමින් අති විශිෂ්ඨ ලෙස රංගනයේ නිරත වුණා කියලා කීමට හැකි.
සාමාන්‍යයෙන් ප්‍රේමාන්විත චිත්‍රපටියක පසුබිම් සංගීතය ඉතා වැදගත් තැනක් ගන්නවා. මේ චිත්‍රපටියේ දෙබස් අතර වැඩි හිඩැසක් තිබුණත් ඒ හිඩැස ප්‍රේක්ෂකයාට දැනෙනටවත් ඉඩ නොතැබු ගෝවින්ද් මේනන්ගේ සංගීත හැකියාවට අප ප්‍රශංසා කළ යුතුමයි. තවද චිත්‍රපටියේ එන සියලු ගීතවලට වඩාත් ගැළපෙන තණු නිර්මාණය කිරීමට සමත් වී තිබුණා.
සාමාන්‍යයෙන් ඔබ, මා බලන දමිළ චිත්‍රපටිවල වෛවාරණ ඇඳුම් නැටුම්, සටන් කිසිවක් නොමැති මේ චිත්‍රපටිය නරඹන සෑම දෙනාගේම පාසල් ප්‍රේම මතක් වෙනු ඇත.
-Jegan Ganeshan –
Written by Nisanka Weheraduwa