Sri Lanka's Best Cinema Portal

 

පැරිසියේදී චිත්‍රපට හදන පුංචි ශ්‍රී ලාංකික සිනමාකරුවා – රෙෂාන් ප්‍රනාන්දු

0
Posted May 21, 2019 by Nisanka Weheraduwa in BOOK OF CINEMA
59720398_1368953613244887_3976200862014898176_n

සටහන : හේමා කටුකුරුන්ද (පැරිසිය)

ප්‍රංශයේ වෙසෙන පුංචි සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටිචිත්‍රපටය වන ‘ Be a Buddy Not a Bully ’  හෙවත් වෙමු මිතුරු නොව හතුරු ලෙසින් පසුගිය දින පැරීසියේ පැවැත්වූ මංගල දර්ශනයේ ආරාධිතයෙකු වශයෙන් මටද සහභාගීවීමට වාසනාව ලැබුනි. එමෙන්ම එහි ප්‍රධාන චරිත වලට පණපොවන ප්‍රංශ ජාතික ළමා නිලි, රෙෂාන් විසින්ම හදුන්වාදුන් මාර්ලෝ ත්‍රොපේ (Marlo Troipée)  හා මෙමෙ චිත්‍රපටයෙන් තිරයට හදුන්වාදෙන මලෝ කටියෝ (Malo Cattiaux) ප්‍රංශ ජාතික ළමා නලුවා හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමගයි.

මෙරට සිට ජාත්‍යන්තර සිනමා උළෙලවල් කීපයක් නියෝජනය කර ජයග්‍රහන ල බාගනිමින් කීර්තියක් මව්බිමට ලබාදුන් ළාබාලතම සිනමා අධ්‍යක්ෂකවරයා වශයෙන් අප සැමට ආඩම්බරයකි. සෑම රටකම පිරිහීයන  මනුශ්‍යකමේ සමගිය ළමුන් අතර ඇතිවන ‘ Bullying ’  හෙවත් අරියාදු කිරීම නැතහොත් සමච්චල් කිරීම හොද නැති දෙයක් බව ළමුන්ට කියාදෙන අපූරු නිර්මාණයක්. මෙම ගැටලුව පාසල් හරහා සිදුවීමෙන්  ලොව විවිධ රටවල සියදිවි හානිකරගත් ළමුන් හා ඒ ආසන්න ක්‍රියා කල ළමුන් වාර්ථාවනවා. කෙසේ නමුත් ළමුන් හරහා දෙන මේ පණිවිඩය වැඩිහිටියන්ට  වඩාත් උචිත බවයි මගේ හැගීම.

සම්මානලාභී සිනමාකරුවාගේ මෙම අපූරු පණිවිඩය රැගත් කෙටි සිනමාපටය නවතම මාදිලියේ අයිෆෝන් (iPhone) ජංගම දුරකතනකින් නිමවීම නිසාම තවත් සුවිශේෂී වන අතර දැනටමත් ඇමෙරිකාවේ නිව්යොක් හි වාර්ශික අයිෆෝන් චිත්‍රපට උළෙල (iPhone Film Festival) සදහා හා ඇමෙරිකාවේ ඕඩියන්ස් අවොර්ඩ්ස් (Audience Awards) සදහාද තේරී පත්වී අවසන්.

ළගදීම රෙෂාන් ප්‍රනාන්දුගේ 10 වන කෙටි චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භකර අවසන්වූ පසු සියලු නිර්මාණ සමගින් කෙටිචිත්‍රපට උළෙලක් ලෙස තිරගත කීරීමට හා ඉන්පසු ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් (feature film) කිරීමට  සූදානම්වන බවත් ඔහු මා හා සමග වැඩිදුරටත් පැවසීය.

26167682_975848709244121_4922583661313019775_n

 

හේමා  කටුකුරුන්ද  –  පැරීසිය

MV5BNjU4M2NjZDYtMDhhZC00NGEzLWJlNWUtMDlkYTI2ZjQ2ZmM0XkEyXkFqcGdeQXVyMzUzMTgyODY@._V1_SY1000_CR0,0,658,1000_AL_

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2