පුස්තකාල ලේඛක හා පාඨක සමාජයේ මාසික සිනමා දැක්ම

Avatar Nisanka Weheraduwa | January 15, 2020 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සමාජය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කරනවා. 2020 වසරේ එම වැඩසටහනේ පළමු පියවර පැවැත්වීමට ඔවුන් සූදානම්. ජනවාරි මස 17 වැනිදා සවස 3.00ට වැඩසටහන ආරම්භ කෙරෙනවා. ඒ මහජන පුස්තකාල උඩු මහලේ දේශන ශාලාවේදීයි.

මෙවර ප්‍රදර්ශනය සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ PARASITE නම් කොරියානු චිත්‍රපටයක්. 2019 වසරේ නිර්මාණය වුනු Black comedy thriller ශානරයට අයත්වන චිත්‍රපටයක් වන මෙය Bong Joon-hoගේ අධ්‍යක්ෂණයක්. 2019 වසරේ පැවති Canns ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී Palme d’Or සම්මානය දිනා ගැනීමට Parasite චිත්‍රපටය සමත් වුනා. දකුණු කොරියානු සිනමාවට හිමිවූ පළමු Canns සම්මානය මෙය වනවා. 92 වැනි ඇකඩමි සම්මාන උළෙලේ Best picture, Best director සහ Best international feature film යන සම්මාන කාණ්ඩ සඳහාත් 73 වැනි British academy සම්මාන උළෙලේ සම්මාන හතරක් සඳහාත් නිර්දේශ වුනු මේ චිත්‍රපටය 77 වැනි Golden Globes සම්මාන උළෙලේදී Best foreign language film සඳහාවන සම්මානය හිමිකර ගත්තා.

චිත්‍රපට දර්ශනය සමග සුපුරුදු පරිදි සංවාද මණ්ඩපයක්ද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. දේශනය සඳහා සිනමා විචාරක බූපති නලින් විසින් සම්පත් දායකත්වය ලබාදෙනු ඇති. නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහනට සම්බන්ධ වී අපූරු සිනමාපටයක් රසවිඳින ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.

Share

79 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.