පුස්තකාල සුමිතුරෝ මෙවර FRANTZ ගෙනඑයි

Avatar Nisanka Weheraduwa | September 3, 2018 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඇසුරින් ගොඩනැගුනු “පුස්තකාල සුමිතුරෝ” සංවිධානය මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මේ වැඩසටහනට විවිධ රටවල විවිධ තේමාවන් සහිත චිත්‍රපට තෝරා ගැනෙනවා. මෙවර මාසික සිනමා දැක්ම සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ Frantz චිත්‍රපටයයි. ප්‍රංශ සහ ජර්මානු නිෂ්පාදනයක් ලෙස මෙම චිත්‍රපට නිර්මාණය වන්නේ 2016 වසරේ වන නමුත් මෙය කළුසුදු චිත්‍රපටයක්. 1919 වසර මේ චිත්‍රපටයට පසුබිම් වීම ඊට හේතුව විය හැකියි. 2018 සැප්තැම්බර් මස 13 වැනි බ්‍රහස්පතින්දා සවස 4.00ට චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

40684040_2002368029794958_4073606262112124928_n

1919 වසරේ සිදුවූ සිද්දියක් පාදක් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වනවා. පළවැනි ලෝක යුද්ධය නිසා Annaට සිය පෙම්වතා අහිමි වනවා. පෙම්වතා වූ Frantz Hoffmeister වෙනුවෙන් මල් මිටකින් උපහාර පිදීමට ඇය ඔහුගේ සොහොන වෙත යනවා. ඈ දකින්නේ සිය පෙම්වතාගේ සොහොනට මල් තබා උපහාර කරන තවත් පිරිමියෙක්. ඒ Adrien. ඈ ඔහුට සිය පෙම්වතාගේ නිවසට ආරාධනා කරනවා. නමුත් Frantzගේ පියා වන Hans Hoffmeister ඔහුව එලවාදමන ලෙස පවසන්නේ ඔහු ප්‍රංශ ජාතිකයකු බව දැනගැනීමෙන්. තම පුත්‍රයා මරා දැමුවේ “ප්‍රංශකාරයන්” බව ඔහු දැඩිව විශ්වාස කළා. නමුත් Anna පවසන්නේ ඔහු සිය පෙම්වතාගේ සොහොනට මල් කළඹක් තබන්නට පැමිණි බව. අවසානයේ රාත්‍රී කෑම මේසයේදී Adrean පවසන්නේ යුද්ධයට පෙර තමා Frantz සමග එකම කණ්ඩායමේ සිසුන් ලෙස ඉගෙනගත් මිතුරන් වූ බවයි. කෙසේ නමුත් ටිකෙන් ටික Anna සමග සංවාදයේ දීමෙන් පසුව ඔහුට සත්‍ය පැවසිය යුතු බව වැටහෙනවා. Anna හමුවන Adrean තමා ඔහුගේ මිතුරකු නොවන බවත්, ඔහු සමග යුධ පෙරමුණේ එකිනෙක හමුවූ සතුරකු බවත් තමාගේ වෙඩි පහරින් Frantz මියගිය බවත් ඔහුගේ නිළ ඇඳුමේ තිබී ඇයට ලියු ලිපියක් හමුවීමෙන් පසුව දැඩි පශ්චාත්තාපයට පත්වූ බවත් පවසනවා. ඒ අනුව ඔවුන් සොයා ජර්මනියට පැමිණි බවත් ඔහු Annaට පවසනවා. මේ තොරතුරු දැනගැනීමෙන් පසු Annaගේ ප්‍රතිචාරය කුමක් වේද..? Anna මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක් විය හැකිද යන්න චිත්‍රපටය හරහා අපුරුවට ගොඩනගා තිබෙනවා.

2016 ජූලි මස 12 වැනිදා මෙම චිත්‍රපටය පැරිසියේදී මංගල දර්ශනය පවත්වා තිබෙනවා. 2016 වසරේම සැප්තැම්බර් 7 වැනිදා ප්‍රංශයේදී සහ 29 වැනිදා ජර්මනියේදී තිරගත වීම් ආරම්භ කොට තිබෙනවා. ලොව පුරා අවධානයට ලක්වුණු මෙම චිත්‍රපටය විවිධ ජාත්‍යන්තර සම්මානයන්ටද පාත්‍රවී තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන Paula Beer වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී Marcello mastroianni සම්මානයෙන් පිදුම් ලැබීම ඉන් විශේෂයි. හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්ද චිත්‍රපටයට සම්මාන හිමිව තිබෙනවා.

Share

2 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.