පෝයට වැහෙන ලංකාවේ සිනමාව – සුපුන් රුවිශාන්

Avatar Nisanka Weheraduwa | January 21, 2019 23 Views 0 Likes 0 Ratings

23 Views 0 Ratings Rate it

සටහන : සුපුන් රුවිශාන් විමුක්ති

*******************************************************************

කතාවේ ඇතුළට යන්න කලින් පහළින් දානවා ඉන්දියාවේ සහ හොලිවුඩ් වල වැඩිම ආදායම ගනිපු චිත්‍රපටි පහ සහ ඒවා රිලීස් උනු නිවාඩු කිහිපයක්.

1. දංගල් – නත්තල්
2. බාහුබලී 2 – මැයි දිනය
3. සීක්‍රට් සුපර්ස්ටාර් – දීවාලි (මේක නං ඉන්දියාවට වඩා චීනෙ හිට් උනේ)
4. බජරංගි බායිජාන් – ඊද්
5. PK – නත්තල්

1. ඇවටාර් – නත්තල්
2. ටයිටැනික් – නත්තල්
3. ෆෝස් අවේකන්ස් – නත්තල්
4. ඉන්ෆිනිටි වෝ – මැයි දිනය. ඊට අමතරව සමර් රිලීස් එකක් 2b පහුකරපු පලවෙනි පාර මේ. සමර් කියන්නේ උන්ගේ ෆිල්ම් සීසන් එක.
5. ජුරාසික් වර්ල්ඩ් – සමර් රිලීස් එකක්

ඉතින් ඔය ටික බැලුවම තේරෙනවා ෆිල්ම් එකක රිලීස් වෙන දවස ඒකෙ ආදායමට කොච්චර බලපානවද කියන එක. ඒකයි ඔය හැම ඉන්ඩස්ට්‍රියකම ඉන්න ලොකු නලුවෝ, ස්ටූඩියෝස් තමන්ගේ ෆිල්ම්ස් වලට නිවාඩු දවස්ම වෙන් කරගන්නේ.

අල්ලපු රටේ ආගමික, සංස්කෘතික උත්සවයක් කියන්නේ සිනමාකරුවන්ට, ප්‍රේක්ෂකයන්ට මඟුල් වගේ. හොඳ ෆිල්ම්ස් රිලීස් වෙනවා. ලොකු ෆිල්ම්ස් රිලීස් වෙනවා. රතිඤ්ඤා දාලා ඒව පිළිගන්නේ. සාමාන්‍යයෙන් රිලීස් වෙන දවසට අනුව හැඩගැහෙන චිත්‍රපටි පවා තියෙනවා. හොඳම උදාහරණෙ මෑතකදි ආපු විස්වාසම්. ඒ ෆිල්ම් එක පුරාවටම පොන්ගල් කියන බ්‍රෑන්ඩ් එක වැදිලා තිබ්බා. උත්සව දවසක් කියන්නේ එහේ ෆිල්ම් හෝල් හිමිකරුවන්ට රජ මඟුල්. ඒ අල්ලපු රටේ.

දැන් බලමු මෙහේ. හරියට ගත්තොත් ඔය නිවාඩු වලින් ප්‍රයෝජනය ගන්න පුලුවන් හොඳම චාන්ස් එක තියෙන්නේ ලංකාවට. ඇයි ඉතින් මාස දොළහට පෝය දොළහක් සුවර්නේ. වීක්කෙන්ඩ් එකක් අල්ලලා පෝයක් එක්ක රිලීස් කළොත් ඒ ෆිල්ම් එකට එන බූස්ට් එක හිතලා බලන්න. හොඳ ෆිල්ම්ස් වලට ඈ.., ෆිල්ම් එක අවුල් නං මුලු මාසෙම නිවාඩු තිබ්බත් වැඩක් නෑ.

අපේ අය අඩුමගානේ රිලීස් කරන්න ඕන බේසික් දේවත් හිතනවද කියන එක ප්‍රශ්නයක්. මොකද වෙන රටවල සිකුරාදා හෝ බ්‍රහස්පතින්දා රිලීස් කරන්නේ වීක්කෙන්ඩ් එකයි, ඊට අල්ලලම නිවාඩුවක් තිබ්බොත් ඒකෙ වාසිය ගන්න. අපේ ෆිල්ම්ස් රිලීස් වෙන්නෙ සඳුදා, අඟහරුවාදා වගේ දෙපැත්තටම නැති දවස්වලට. ඒකෙන් තේරෙන්නේ අඩුමගානේ අපේ උන් ෆිල්ම් එකක් රිලීස් කරන්න හොඳ දවස් ගැනවත් දන්නෑ. අපේ ෆිල්ම්ස් වලට ලොකු හයිප් එකක් නෑ තමා. හැබැයි වීක්කෙන්ඩ් ෆිල්ම් එකක් බලන්න ඉන්න අය වැඩි නේ සතියේ දවසකට වඩා.

දැන් මේ සිකුරාදා රිලීස් උනු ගින්නෙන් උපන් සීතල. සිකුරාදා සුපුරුදු පරිදි දිව්වෙ මැස්සෙක්වත් නැතුව. ඒවා ඉතින් දැන් සාමාන්‍යය කාරණානේ අපිට. හැබැයි පොසිටිව් වර්ඩ් ඔෆ් මවුත් එකයි, කලින් ඉඳන් තරමක් හැදිලා තිබුනු හයිප් එකයි, සෙනසුරාදා නිවාඩුවයි නිසා සෙනසුරාදා හෝල්ස් හවුස්ෆුල් වෙලා තිබ්බා. මිනිස්සු උදේ 10 වගේම රෑ 7 බැලුවෙත් පොලිම් වල ඉඳලා. ඉතින් ඒ හයිප් එකේ පීක් එක ගන්න තිබුනු දවස තමා අද. ඒත් කරුමේ කියන්නේ අද පෝය නිසා හෝල්ස් වහලා. පෝය නොතිබුනානං අඩුමගානේ ඉරිදා කියන සාධකය නිසාවත් ෆිල්ම් එක ගොඩයන්න තිබුනා. ඊළඟට එන දවස්වල ඉතින් කොහොමත් සතියේ දිනවල ලෝකෙම තියෙන ධර්මතාවයක් විදියට මිනිස්සු බලන එක අඩු කරයි. ඊටපස්සේ දෙවෙනි වීක්කෙන්ඩ් එක වෙද්දි ඕකෙ හයිප් එක පොඩ්ඩක් බහී. ඒත් ඉතින් නොබලපු අය කොහොම හරි ගිහින් බලයි ඕක.

අවුල තියෙන්නේ ඇයි මේ පෝයට වහන්නේ, මුලු මාසෙම ඇරලා තියෙන බාර් සංකේතාත්මක විදියට පෝයට වහලා අපි සුරාමේරයෙන් තොර ජාතියක් විදියට පෙන්නනවා. හැබැයි අපිට වඩා වැඩිපුර බොන්නේ රුසියාව විතරයි. අනිත් ඔක්කොම අපිට පහළින් ඉන්නේ. අච්චර ලොකු ඉන්දියාව පවා.
ඒක සාධාරණයි කියමු, ඒත් ඇයි ෆිල්ම් හෝල්ස්??
ඒකෙන් මොකක්ද කැඩෙන සීලෙ, මිනිස්සු සිල් ගන්න යන එක නවත්තලා, පන්සල් යන එක නවත්තලා ෆිල්ම්ස් බලන්න යයි කියන නිසාද.

කමක් නෑ ඉතින්, “මිනිස්සු පන්සල් එන්නැතුව චිත්‍රපටි බලනවා වගේ හරසුන් වැඩ කරනවා” කියලා කියන ජනාධිපති කෙනෙක් ඉන්න රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් කරුමේ කියන්නේ පෝයට ෆිල්ම් හෝල් අරින එකට හාමුදුරුවෝ වත් විරුද්ධ නොවෙන විදියට ෆිල්ම් හෝල් වල වැඩ කරන උන් විරුද්ධයි. එයාල කියන්නේ නිදහසේ ඉන්න තියෙන්නේ එදාට විතරයි, එදත් වැඩ තිබ්බොත් නිවාඩුවක් වත් නෑ කියලා.
මං කියන්නේ ඕවා ශිෆ්ට් විදියට නේද වැඩ කරන්නේ, සමහරවිට ලංකාවේ වගේ සිනමාව සෑහෙන්න දියුණු රටක එහෙම ශිෆ්ට් විදියට වැඩ කරනෙක ප්‍රැක්ටිකල් නොවෙන්න පුලුවන්. ඒත් ෆිල්ම් එකක් වැඩිපුර හෙව්වොත් එයාලගෙ පඩිය උනත් වැඩිවෙයි කියන සරළ සත්‍යය තේරුම්ගන්න ඕන ඉතින්.

මෙතන ඇති ෆිල්ම් කෝපරේෂන් එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධත තියෙන අය.  මේ සම්බන්ධව ෆිල්ම් කෝපරේෂන් එකත් එක්ක සාකච්ඡා කරන්න. දැන් සිනමාව ඉස්සර වගේ අවුල් නෑ. හොඳ ෆිල්ම්ස් එනවා. මිනිස්සුන්ට ඒවා බලන්න නිවාඩුවක් ඕන. අපිට නිවාඩු වැඩියෙනුත් එක්ක තියෙනවා. ඒවට ෆිල්ම් හෝල්ස් අරිනෙක විතරමයි කරන්න තියෙන්නේ.

– සුපුන් රුවිශාන් විමුක්ති –

Share

23 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.