Sri Lanka's Best Cinema Portal

 

බංග්ලාදේශ සිනමා උළෙලේ අවසන් දිනය

0
Posted March 25, 2018 by Nisanka Weheraduwa in Cine News
last

බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධාන කරන සිනමා උළෙල පසුගිය 23 වැනිදා ආරම්භ වුනා. එදින Doob චිත්‍රපටය තිරගත කිරීමෙන් පසුව 24 වැනිදා තවත් සිනමාපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනය කෙරුනා. අද එනම් 24 වැනිදා එම සිනමා උළෙලේ අවසන් දිනය ලෙස තවත් චිත්‍රපට දෙකක් තිරගත වනවා. සවස 3.00ට සහ 6.00ට මෙම චිත්‍රපට තරංගනී සිනමාහලේදී තිරගත වනවා.

සවස 3.00ට – Television

බංග්ලාදේශ සිනමාකරු Mostofa Sarwar farooki විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමිකර ගැනීමට සමත් වූ චිත්‍රපටයක්. 86 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විදෙස් භාෂිත චිත්‍රපට කාණ්ඩයට බංග්ලාදේශය නියෝජනය කරමින් ඇතුල් වීමට මෙම චිත්‍රපටය සමත් වුනා. Anisul Hoque සමග Farooki මෙහි තිර රචනය සිදුකොට තිබෙනවා. Kazi Shahir Huda rumi, CHanchal Chawdhury, Mosharrof Karim ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.

සවස 6.00ට – Under Construction

බංග්ලාදේශ කාන්තා සිනමාවෙදිනියක් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සඳහාත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමිව තිබෙනවා. විදෙස් චිත්‍රපට උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට මෙම චිත්‍රපටය සමත්ව තිබුනා. Rubaiyat Hossain මෙම චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Shahana Goswami, Rahul Bose, Rikita Nandini Shimu, Mita Rahman ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. Arthouse cinema ‘Le Saint-André des Arts’ in Paris හි සති හයක් මෙම චිත්‍රපටය  කොට තිබෙනවා. Seattle International Film Festival (New Directors Showcase), Montreal World Film Festival, São Paulo International Film Festival,  Stockholm Festival Festival,  Locarno Film Festival – Open Doors යන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුනා.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2