බයිස්කෝප් කතා: හොඳට හොඳයි (1973)

Avatar Kavinu Weerakkody | January 13, 2022 427 Views 0 Likes 5 On 4 Ratings

427 Views 5 On 4 Ratings Rate it

පැරණි සිංහල චිත්‍රපට පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ “බයිස්කෝප් කතා” විශේෂාංගය මෙවර වෙන් වන්නේ හොඳට හොඳයි චිත්‍රපටය වෙනුවෙනුයි.

තිරගත කළ දිනය – 1973/12/21
274වන චිත්‍රපටය
ධාවන කාලය – පැය 2 1/2
අධ්‍යක්ෂණය – ජේ. සෙල්වරත්නම්
නිෂ්පාදනය – ප්‍රේම් ජයන්ත්, මීරියම් ප්‍රනාන්දු‍‍

1970 දශකයේ තිරගත වූ තවත් සාර්ථක චිත්‍රපටයක් ලෙස හොඳට හොඳයි හැඳින්විය හැකියි. 1973 වර්ෂයේදී තිරගත වූ මෙය පැය දෙකකට අධික ධාවන කාලයක් සහිතයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එකල සිටි දක්ෂ සිනමාකරුවෙකු වූ ජේ. සෙල්වරත්නම් විසිනි. හොඳටම හොඳයි චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කර තිබෙන්නේ ප්‍රේම් ජයන්ත්, මීරියම් ප්‍රනාන්දු‍‍ සමඟින් ඔලිවර් ප්‍රනාන්දුයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක් වන්නේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සහ මාලීනි ෆොන්සේකා යි.

ජේ. සෙල්වරත්නම් ’70 දශකයේදී චිත්‍රපට 05ක් අධ්‍යක්ෂණය කර තිබෙන අතර එම සිනමාපට පහේම ප්‍රධාන චරිතය රඟපා තිබෙන්නේ ගාමිණී ෆොන්සේකා විසින් වීමත් විශේෂත්වයක්. අධ්‍යක්ෂණයට අමතරව ජේ. සෙල්වරත්නම් දක්ෂ කැමරා ශිල්පියෙකු බවද සඳහන්…

සටන් ජවනිකා ඉතාම තාත්වික අන්දමින් අධ්‍යක්ෂණය කරමින් අදාළ දර්ශන රූපගත කළ සිනමාකරුවෙකු විදිහට ඔහුව හදුන්වා තිබෙනවා.

අද බයිස්කෝප් කතාවෙන් ඔහුගේ “හොඳටම හොඳයි” චිත්‍රපටයේ රසබර තොරතුරු දැනගමු!

 

Share

427 Views 5 On 4 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.