බලන්න, නොහඬා ඉන්න උත්සාහ කරන්න -Vraie Balthazaar

Avatar Nisanka Weheraduwa | August 16, 2020 117 Views 0 Likes 5 On 1 Rating

117 Views 5 On 1 Rating Rate it

විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු 21 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීම් ආරම්භ වනවා. මේ වනවිටත් අමතකව නොගිය ඒ හාම අමතක නොකළ යුතු ජන සංහාරයක පසුබිමේ පැවති මිනිස් ජීවිත වල කඳුළු කතාවක් “පාංශු” හරහා ප්‍රේක්ෂකයින් වෙත ගෙනෙන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ කරනවා. ඒ නිසාම මේ කතාව, ප්‍රේක්ෂකයාට සමීප බවක් ගෙනෙනවාත් විය හැකියි. චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පසුගියදා පැවැත්වුනේ විශේෂ ආරාධිතයින් පිරිසක් සහ මාධ්‍ය වෙනුවෙනුයි. නමුත් ඒ විශේෂ දර්ශනයේදී චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙක් තමාට දැනෙන පාංශු ගැන ඔවුන්ගේ සමාජ මාධ්‍ය අවකාශයන්හි සටහන් තබා තිබුනා. මේ එවැනි එක අදහසක්. මේ සටහන උපුටා ගැනුනේ Vraie Cally Balthazaarගේ Facebook පිටුවෙන්. ඇය මෙසේ සටහන් තබා තිබුනා.

Still a little teary-eyed after watching Paangshu.
In a post-film interview I tried to gather my thoughts and emotions (rather unsuccessfully) to talk about how I felt. I thought I might do a better job with some reflection;
This film deals with the political through the very powerful grief and strength of a mother whose son disappears in 1989. It so beautifully and simply carries through the idea of how interconnected people’s lives are. And having to negotiate with that connectedness. It shares with us the fragility of justice. There is a lump in my throat that hasn’t gone away as yet. Neeta Fernando had me crying half hour after we were out of the theatre when I tried telling her how amazing she was. Visakesa, thank you for your work. Thank you for sharing this story. The last frame of the film is etched in my heart and mind. There is so much of this film I will carry with me.

Paangshu releases in theaters on the 21st of August. I genuinely hope people go to the cinema to see this.

(එහි ආසන්න සිංහල අනුවර්තනය මෙසේයි.)

පාංශු චිත්‍රපටය නැරඹීමෙන් පස්සේ තවමත් මම ඉන්නේ තෙත් වුනු දෙනෙතින් යුතුවයි. චිත්‍රපටය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් මම උත්සාහ කළා මට හිතුන දේ සහ දැනුන හැඟීම නිවැරදිව විස්තර කරන්න. නමුත් මම හිතන්නේ මම තරමක් අසාර්ථකයි. මම හිතුව, මට දැනුන හැඟීම ගැන දැන්හෝ පැහැදිලිව සටනක්  තැබීම වැදගත් කියලා.

1989 දේශපාලනික අරගලය හේතුවෙන් තමන්ගේ පුතාව පැහැරගෙන යාම නිසා දැඩි ශෝකයට පත්වන මවක් ශක්තිමත්ව පුතා සොයමින් කරන අරගලය මේ චිත්‍රපටයෙන් ගෙන එනවා. මිනිස් ජීවිත එකිනෙකට සම්බන්ධයි. ඒ මිනිස් සම්බන්ධතා එක්කම මේ චිත්‍රපටය සරළව නමුත් සංවේදීව ගොඩනගා තිබෙනවා. ඒ මිනිස් සම්බන්ධතා එකිනෙක සමග කරන ගනුදෙනුව සහ සාධාරණය හෝ යුක්තිය කෙතරම් අස්ථාවර සංකල්පද කියන එකත් හිතන්න ඉඩක් මේ චිත්‍රපටයෙන් ගෙන එනවා. චිත්‍රපටය නරඹද්දී ඇතිවුන මගේ උගුරේ හිරවුනු තද ගුලියක් වැනි යමක් මේ සටහන ලියන මොහොත වෙනකලුත් ඒ විදිහටම රැඳී තියෙනවා. එතරම්ම මම සංවේදී කළ චිත්‍රපටයක්. චිත්‍රපටයෙන් පස්සේ ශාලාවෙන් එළියට ඇවිත් මට දැනුන හැඟීම වචන වලින් කියන්න උත්සාහ කරද්දීත් මාව හඬවන්න තරම් නීටා ප්‍රනාන්දුගේ රංගනය ප්‍රබලයි.

විසාකේසගේ මේ උත්සාහයට බොහොම ස්තුතියි. මේ කතාව අපට කිවුවාට ස්තූතියි. චිත්‍රපටය බැලීමෙන් පස්සේ ගෙදර එන මට රැගෙන එන්න බොහෝ දේ තිබූ චිත්‍රපටයක්. ශ්‍රී ලාංකික පුරවැසි ඔබ, මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම නැරඹිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය.

– Vraie Cally Balthazaar –

Share

117 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.