බ්‍රසීල සිනමාව රසවිඳින්න ඔබ තවමත් ගියේ නැද්ද..?

Avatar Nisanka Weheraduwa | December 17, 2018 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

විවිධ රටවල සිනමාව රසවිඳින්න ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් කැමතියි. පහසුවෙන් අන්තර්ජාලය හරහා ඒ ඒ රටවල සිනමාව රසවිඳින්න පුළුවන් තමයි. ඒත් පුළුල් තිරයක, සිනමා ශාලාවක ඒ අත්දැකීම විඳිනවා කියන්නේ වෙනම වැඩක්. ඒ නිසා ලෝක සිනමාව ලංකාවේ ඔබට පුළුල් තිර අත්දැකීමක් විදිහට ගෙන එන්න විවිධ සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. මේ දවස්වල තිබෙන ඒ විදිහේ සිනමා උළෙලක් ගැන තොරතුරු සමහරවිට ඔබ දැනටම දන්නවත් ඇති. මේ වෙද්දී ඔබ, මේ සිනමාපට රසවිඳලත් ඇති. නමුත් තවමත් කෙනෙකුට බ්‍රසීල සිනමා උළෙලට සම්බන්ධ වෙන්න ලැබුනේ නැත්නම් මේ ඒ ය වෙනුවෙන් ඉදිරි දින දෙක (අවසන් දෙදින) ගැන තොරතුරුයි.

බ්‍රසීල සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ආරම්භ වුනේ පසුගිය දෙසැම්බර් 14 වැනිදා. උළෙල අවසන් වෙන්නේ 18 වැනිදා. අද එනම් 17 වැනිදා සහ 18 වැනිදා සවස 6.30ට චිත්‍රපට තිරගත කිරීම සිදු වනවා. 17 වැනිදා සවස 6.30ට Vinicius වාර්තා චිත්‍රපටය තිරගත වනවා. 2005 වර්ෂයේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය චරිතාපදානයක්. මිනිත්තු 121ක ධාවන කාලයකින් යුක්තයි.

18 වැනි අඟහරුවාදා සවස 6.30ට තිරගත වීමට නියමිත වන්නේ Elite Squad චිත්‍රපටයයි. 2007 වසරේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය මිනිත්තු 115ක ධාවන කාලයකින් යුක්තයි. 1997 වසරේ පාප වහන්සේගේ සංචාරයට පෙර, එතුමන් නවාතැන් ගැනීමට නියමිත ප්‍රදේශයේ පැල්පත් ප්‍රජාව තුල ව්‍යාප්තව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමට සහ පාලනයට විශේෂ පොලිස් ඒකකයේ කපිතාන් Nascimentoඅ පත් කෙරෙනවා. නමුත් ඔහුගේ බිරිඳ ගැබ්ගෙන ඇති හෙයින් ඔහු එම කටයුත්තට වෙනත් අයෙකු යෙදවීමට උත්සහ කලත් එය වැළකෙනවා. මෙම සිදුවීම් ඇසුරින් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූවක්.

ඔබට පසුගිය දිනවල, බ්‍රසීල සිනමා උළෙලේ අපූර්වත්වය විඳීමට නොහැකි වුනා නම්, අද සහ හෙට දෙදින මේ සිනමා අත්දැකීම විඳගැනීමට අවස්තාව තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලට එන්න. අද (17) සහ හෙට (18) සවස 6.30ට මේ අපුරු සිනමාපට රසවිඳින්න.

Share

57 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.