බිමල්ගේ “කර්ම භූමි” YouTube අවකාශයට මුදාහැරේ

Avatar Nisanka Weheraduwa | May 25, 2020 515 Views 0 Likes 4 On 1 Rating

515 Views 4 On 1 Rating Rate it

කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් දේශීයව වගේම විදේශීයවත් විවිධ සිනමා නිර්මාණ සමග කටයුතු කරන අත්දැකීම් බහුල සිනමා කලා අධ්‍යක්ෂවරයකු වන බිමල් දුෂ්මන්ත 2014 වසරේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. මේ කෙටි චිත්‍රපටය නම් කෙරුනේ “කර්ම භූමි” නමින්. 2014 වසරේ කාන්ස් කෙටි චිත්‍රපට උළෙල, එම වසරේම කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, 2015 වසරේ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඇතුළු දෙස් විදෙස් සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට සමත් වුනු මේ කෙටි චිත්‍රපටය YouTube අවකාශය වෙත මුදා හැරීමට බිමල් තීරණය කොට තිබෙනවා. ඒ අනුව අද එනම්, මැයි මස 25 වැනිදා සවස 6.00ට කර්ම භූමි YouTube අවකාශයේ Premier කිරීමට නියමිතයි.

බිමල් දුෂ්මන්ත විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට භාග්‍යා මාතරහේවගේ සහ චාමිනි විමලරත්න නිෂ්පාදනයෙන් දායක වුනා. සම්පත් ජයවීර, නිරංජනී ශාම්මුගරාජා සහ ප්‍රියන්ත සිරිකුමාර චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා. කැමරාකරණයෙන් විශ්වජිත් කරුණාරත්න, සංගීතයෙන් චින්තක ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් මධුරංග රොෂාන් සහ සංස්කරණයෙන් උමේෂ් ප්‍රනාන්දු දායක වුනු මේ කෙටි චිත්‍රපටය 25 වැනිදා සවස 6 සිට Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව තිබෙනවා.

Share

515 Views 4 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.