බොලිවුඩ් නළු Kader Khan ජීවිතයෙන් සමුගනියි

Avatar Nisanka Weheraduwa | January 1, 2019 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා රසිකයින්ට Kader Khan අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. සිනමාපට රැසක විවිධ චරිත නිරුපණය කළ ඔහු, විකට නළුවකු ලෙස වඩාත් ප්‍රේක්ෂක ආදරයට ලක්වුනා. මේ අපූරු නළුවා 2018 වර්ෂයේ අවසන් හෝරා කිහිපය ගතවන අතරතුර ජීවිතයෙන් සමුගෙන ගිය බව වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

කැනඩාවේ ජිවත් වූ ඔහු මියයන විට වයස අවුරුදු 81ක් බව සඳහන්. 2018 දෙසැම්බර් 31 වැනිදා කැනඩාවේ වේලාවෙන් සවස 6ට පමණ ජිවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පුත් Sarfaraz තහවුරු කොට තිබුනා. අසනීප තත්වය හේතුවෙන් ඔහු දිගින් දිගටම ප්‍රතිකාර ලබාගත් බවත් අවසානයේ කෝමා තත්වයෙන් පසුවුණු බවත් ඔහුගේ පුතා සිය නිවේදනයෙන් සඳහන් කර තිබුනා. දේහය පිලිබඳ අවසන් කටයුතු කැනඩාවේදී සිදුකෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Kader Khanගේ පුත් Sarfaraz නිකුත් කළ පණිවිඩය

“My dad has left us. He passed away on December 31 at 6 pm as per Canadian time due to prolonged illness. He slipped into coma in the afternoon. He was in the hospital for 16-17 weeks. The last rites will be performed here in Canada only. We have our entire family here and we live here so we are doing it,”

මෙම මරණය සැළවීමත් සමග බොලිවුඩ් තරු රැසක් සිය සමාජජාලා ගිණුම් හරහා ශෝකය පළකරමින් නිවේදන නිකුත් කොට තිබෙනවා. සුපිරි බොලිවුඩ් නළු ඒ පිළිබඳව පලකොට තිබුනේ මෙවන් අදහසක්.

“Kadar Khan passes away .. sad depressing news .. my prayers and condolences .. a brilliant stage artist a most compassionate and accomplished talent on film .. a writer of eminence ; in most of my very successful films .. a delightful company .. and a mathematician !!”

Filmfare වෙබ් අඩවිය ඇසුරිනි.

Share

36 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.