බොලිවුඩ් නළු Rishi Kapoor මියයයි.

Avatar Nisanka Weheraduwa | April 30, 2020 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Rishi Kapoor 30 වැනිදා උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සහෝදරයා වන Randhir Kapoor මෙම මරණය තහවුරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වලින් පැවසෙනවා.

2018 වසරේදී ඔහුට ලියුකේමියා රෝගී තත්වය ඇති බව තහවුරු කොටගෙන තිබුනා. ඇමරිකාවේ නිව්යෝක්හිදී සහ ඉන්දියාවේදී ඔහුට ප්‍රතිකාර ලබාදී ඇති බවත් සඳහන්. අසනීප තත්වය හේතුවෙන් Sir HN Reliance Foundation Hospital රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව ඔහුගේ බිරිඳ Neetu Singh තහවුරු කළ බවත් පැවසෙනවා. මියයන විට Rishi Kapoor 67 වැනි වියේ පසුවුනා. 1952 සැප්තැම්බර් 04 වැනිදා මුම්බායිහිදී උපත ලැබූ ඔහු, 1970 වසරේ සිට සිනමා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කළා. විවිධ චරිත නිරුපණයට දස්කම් දැක්වූ ඔහු, විනෝදාත්මක චිත්‍රපට කිහිපයකටම දායක වීම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වුනා. නළුවකු, නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් හෙතෙම ඉන්දීය සිනමාවට විශාල දායකත්වයක් දැක්වූවකු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ශෝක පණිවිඩ මගින්ද කියැවි තිබුනා.

Riddima Kapoor සහ Ranbir Kapoor දෙදෙනා ඔහුගේ දරුවන් වනවා. හින්දි සිනමාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කරන Kapoor පවුලේ සාමාජිකයකු වන ඔහු ඉන්දියාවේ Showman ලෙස ප්‍රසිද්ද Raj Kapoor ගේ පුතණුවන් සහ Pritiviraj Kapoorගේ මුණුබුරා ලෙස උපත ලැබුවා. 1970 ඔහුගේ පියා නිර්මාණය කළ Mera Naam Joker චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් ඔහු නළුවකු ලෙස සිය වෘත්තීය ආරම්භ කළා.

මේ වනවිට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහුගේ මරණය පිලිබඳ ශෝක ප්‍රකාශ නිකුත් කරමින් තිබෙනවා. ඔහුගේ මියයෑම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් විසින් නිකුත් කළ නිවේදනය මෙසේයි.

Our dear Rishi Kapoor passed away peacefully at 8:45am IST in hospital today after a two-year battle with leukemia. The doctors and medical staff at the hospital said he kept them entertained to the last.

He remained jovial and determined to live to the fullest right through two years of treatment across two continents. Family, friends, food and films remained his focus and everyone who met him during this time was amazed at how he did not let his illness get the better of him.

He was grateful for the love of his fans that poured in from the world over. In his passing, they would all understand that he would like to be remembered with a smile and not with tears.

In this hour of personal loss, we also recognise the world is going through a very difficult and troubled time. There are numerous restrictions around movement and gathering in public. We would like to request all his fans and well-wishers and friends of the family to please respect the laws that are in force.

Twitter මගින් පළකොට තිබූ ශෝක ප්‍රකාශ කිහිපයක්.

 

 

 

 

Share

127 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.