බොලිවුඩ් නළු Salman Khanගේ PCR පරීක්ෂණය අවසන්
බොලිවුඩ් පුරයෙන් පසුගියදා අසන්නට ලැබුන පුවතක් හේතුවෙන් බොලිවුඩ් රසිකයින්, විශේෂයෙන් සල්මාන් ඛාන් රසිකයින් කලබලයට පත්වුනා. ඒ පුවතින් කියවුනේ ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසේ සේවය කළ කෝකියන් දෙදෙනෙක් සහා ඔහුගේ රියදුරු කාර්ය මණ්ඩලයේ එක අයෙකුට COVID-19 positive වී ඇති බව. මේ ප්‍රවෘත්තිය සමග සල්මාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි බැලීමට අවශ්‍ය පරීක්ෂණ ඉතා ඉක්මනින් සිදුකිරීමට කටයුතු යොදා තිබුනා.
එම පරීක්ෂණය අවසන් කොට එහි ප්‍රථිපලය අද ලැබී තිබෙන බව filmfare වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ අනුව සල්මාන් ඛාන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඔහුගේ පවුලේ සියලු දෙනාටම මේ පරීක්ෂණය සිදුකළ බවත් ඒ කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ නමුත් මෙම රියදුරු සහ කෝකියන් දෙදෙනා සමග සල්මාන් හෝ පවුලේ කිසිවකු සමීප සම්බන්ධතාවක් පවත්වා නොමැති බවත්, ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතකොට ප්‍රතිකාර කරන බවත් සඳහන් වනවා. එම ප්‍රතිකාර සහ පහසුකම් සඳහා වන සියළු වියදම් සල්මාන් ඛාන් විසින් දරන බවත් බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව සල්මාන්, කලින් සැළසුම් කොට තිබූ පරිදි Big boss රියැලිටි වැඩසටහන් මාලාවේ රූගත කිරීම් සඳහා හෙට (21) සහභාගී වීමට නියමිතයි. නමුත් එම වැඩසටහන රූගත කිරීමේදී එහි කාර්ය මණ්ඩලය (crew members) සල්මාන් සමග සෘජු සම්බන්ධතා නොපවත්වමින් එම කටයුතු කරගැනීමට සැළසුම් කොට ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබෙනවා.
Written by Nisanka Weheraduwa