බොලිවුඩ් නිළි ශ්‍රීදේවි සමුගනියි

Avatar Nisanka Weheraduwa | February 25, 2018 5 Views 0 Likes 0 Ratings

5 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාවේ දශක තුනක් පුරාවට නොමැකෙන නමක් රන්දමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවි කපූර් අවසන් ගමන් යයි. මියයන විට ඇය 54 වැනි විය පසුකොට තිබිණ. පෙබරවාරි 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතී විවාහ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇය හදිසි හෘදයාභාධයක් වැළඳී තිබේ. එය බරපතල තත්වයේ හෘදයාභාධයක් බව පැවසේ. ඒ හේතුවෙන් ඇය මෙලෙස ජිවිතයෙන් සමුගෙන ගොස් තිබේ.

ශ්‍රීදේවි ළමා රංගම ශිල්පිනියක ලෙස වයස අවුරුදු 04 පටන් රංගනය සඳහා දායක වී තිබේ. නමුත් ඇය මුල් වරට වැඩිහිටි ශිල්පිනියක් ලෙස රංග කාර්යයට දායක වී ඇත්තේ 1976 වසරේ ඇය 13 වැනි වියේ පසුවද්දිය. ඒ කණ්නඩ සිනමාවේ නිර්මාණය වුනු Moondru Mudichu චිත්‍රපටය හරහායි. 1978 වසරේ ඇය බොලිවුඩ් සිනමා රංගනයට අවතීර්ණ වීමත් සමග ඇගේ රංගන ජීවිතය මුළුමනින්ම වෙනස් විය. Solva Sawan ඇගේ පළමු හින්දි චිත්‍රපට රංගනය වෙයි. එදා මෙදා තුර Filmfare සම්මාන 10ක් සඳහා නිර්දේශිත නාම අතරට ඇතුලත් වන්නට ඇයට හැකියාව ලැබිණ. ඉන් සම්මාන පහක් තමා සතු කරගැනීමට ශ්‍රීදේවි වාසනාවන්තියක වුවාය. 1985 දී Mithun Chakraborthy සමග විවාහ වූ ඇය 1988දි එම විවාහයෙන් නිත්‍යානුකුලව වෙන් විය. අනතුරුව 1996 වසරේදී Boney Kapoor සමග විවාහ වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. වසර 15ක් සිනමාවෙන් ඉවත්ව සිටි ශ්‍රීදේවි 2012 වසරේ Gaury Shinde විසින් නිර්මාණය කළ English Vinglish චිත්‍රපටය හරහා යළි චරිතාංග රංගනයට එක්විය. වෙනස්ම ආකාරයක චරිතයකට පන පොවමින් ඇය ලොව පුරා ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තීය. 2013 වසරේ ඉන්දීය රජය මගින් ඇයට “පද්ම ශ්‍රී” සම්මානය පුදකොට තිබේ.  2017 වසරේ “මාමි” චිත්‍රපටය ඇගේ රංගන ජිවිතයේ  අවසන් රංගනය බවට පත්විය. ලොවක් පිනවූ රංගන ශිල්පිනියගේ අභාවය බොලිවුඩ් පුරයට නොමැකිය හැකි පාඩුවක් වනු ඇත.

Share

5 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.