බොලිවුඩ් සංගීතඥයකු කොරෝනා හේතුවෙන් මියයයි.

Avatar Nisanka Weheraduwa | June 1, 2020 131 Views 0 Likes 0 Ratings

131 Views 0 Ratings Rate it

කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යද්දී අසල්වැසි ඉන්දියාවත් මේ වසන්ගතයට ගොදුරු වුනා. කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ Lockdown කිරීමට ඉන්දීය රජය තීරණය කළා. කෙසේ නමුත් වෛරසය ව්‍යාප්තිය පැවතුන බව එරට මාධ්‍ය වාර්තා කොට තිබුනා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගී තත්වයට පත්වුනු කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු පිලිබඳ තොරතුරුත් මේ මාධ්‍ය වාර්තා ආතර තිබුනා.  ඉන්දීය ගායිකා Kanika Kapoor, ඉන්දියානු නළුවකු වූ Kiran Kumar, ජනප්‍රිය නිළි Zoa Morani, සහ අගේ සොයුරියත් මෙම ලැයිස්තුවට එක්වුනා. ඔවුන් ප්‍රතිකාර සමගින් සුව වෙමින් පැවතුන බව වාර්තා වුනත් අද එනම් ජුනි මස 01 වැනිදා අවාසනාවන්ත පුවතක් එරට මාධ්‍ය විසින් වාර්තා කොට තිබෙනවා. එනම්, ජනප්‍රිය දක්ෂ සංගීතඥයකු වූ Wajid Khan කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති බවයි. වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන විටත් ඔහු යම් අවදානම් සහගත තත්වයක පසුවූ බවත් එම වාර්තා වලින් කියැවුනා.

Sajid – Wajid යුගල ලෙස ජනප්‍රිය වුනු මේ දෙසොහොයුරන් ඉන්දීය ජනප්‍රිය දක්ෂ තබ්ලා වාදයකු වූ Ustad Sharafat Ali Khanගේ පුතුන් දෙදෙනා වුනා. Sajid Khan මෙන්ම Wajid Khanද අති දක්ෂ සංගීත නිර්මාණ ශිල්පීන් වුනා. 1998 වසරේ සල්මන් ඛාන් නිෂ්පාදනය කළ Pyar Kiya To Darna Kya චිත්‍රපටයට සංගීත නිර්මාණය කරමින් චිත්‍රපට සංගීත නිර්මාණයට එක්වූ ඔවුන්  ඉන් පසුව Hello Brother, Tumko Na Bhool Paayenge (2002), Tere Naam (2003), Garv (2004), Mujhse Shaadi Karogi (2004), Partner (2007), Hello (2008), God Tussi Great Ho (2008), Wanted (2009), Main Aur Mrs Khanna, (2009), Veer (2010), Dabangg (2010), No Problem (2010) වැනි සිනමා නිර්මාණ සඳහා සංගීත නිර්මාණයෙන් එක්වුනා.

Share

131 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.