භාෂා තුනකට Remake වෙන මලයාලම් චිත්‍රපටය – “ONE”

Avatar Nisanka Weheraduwa | July 7, 2021 118 Views 0 Likes 0 Ratings

118 Views 0 Ratings Rate it

හින්දි සිනමාවේ ප්‍රබලම නිෂ්පාදකවරයෙකු වන Boney Kapoor , මලයාලම් Political thriller සිනමාපටයක් වූ One (2021) චිත්‍රපටය ප්‍රාන්තීය භාෂා කිහිපයකින්ම ප්‍රතිනිර්මාණය කිරීමට අවසර ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් ඔවුන් One චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ප්‍රතිනිර්මාණ අයිතීන් වෙනුවෙන් අතිවිශාල මුදලක් ගෙවීමට දැනටමත් එකඟ වී ඇති බවටත් පැවසෙනවා. මෙම වසර මුලදී තිරගත වුණු One මලයාලම් සිනමාපටයේ රඟපාන්නේ මලයාලමේ සුපිරි තාරකාව Mega Star Mammoottyයි. එමෙන්ම එය Santhosh Viswanathගේ අධ්‍යක්ෂණයකි. ඉන්දියාවේ කෝවිඩ් වසංගත තත්වය නිසා One චිත්‍රපටයට සාර්ථක Box-Office ගමනක් යෑමට නොහැකි වූ නමුත් Netflix ඔස්සේ Digital Release කිරීමත් සමඟ විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගෙන් චිත්‍රපටයට ලැබුණේ බොහෝ ධනාත්මක ප්‍රතිචාරයක්. ඒ නිසාමදෝ මේ වනවිටත් 6.9ක සතුටුදායක IMDb අගයක් පවා චිත්‍රපටය සතුයි.

ආරංචි මාර්ගවලට අනුව Boney Kapoor මෙම Remake Rights ඉල්ලා ඇත්තේ තමන්ට අයත් Narasimha Enterprises ව්‍යාපාර ජාලය හරහායි. හින්දි භාෂාවට අමතරව දමිළ සහ තෙළෙඟු ප්‍රතිනිර්මාණ අයිතියත් ඔහු ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් පැවසෙනවා. ඇතැම් මූලාශ්‍රවලට අනුව Boney Kapoorගේ සොයුරු Anil Kapoor හින්දි ප්‍රතිනිර්මාණයේ ප්‍රධාන චරිතයට යෝජනා වී ඇති බවත් සඳහන්. කෙසේ නමුත්, තවමත් මෙය නිළ වශයෙන් මාධ්‍යයට දැනුම් දී නැහැ. එනිසා ඇතැම්විට Anil හැර වෙනත් නලුවෙකු ප්‍රධාන චරිතයට පණ පොවන්නටත් ඉඩ තිබෙනවා. ප්‍රධාන ධාරාවේ හින්දි නිෂ්පාදකවරයෙකු වී සිටි Boney Kapoor පසුගිය වසර කිහිපය තුළදී දකුණු ඉන්දියාව දෙසටත් තමන්ගේ අවධානය යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි 2019 වසරේදී ඔහු නිෂ්පාදනය කළ Nerkonda Paarvai දමිළ සිනමාපටය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වූයේත්. මෙම වසර මුල තිරගත වුණු Pawan Kalyanගේ Vakeel Saab තෙළෙඟු සිනමාපටයත් ඔහුගේම නිෂ්පාදනයක්.

මෙසේ තමිල්නාඩු (දමිළ) ප්‍රාන්තයේත් තෙළංගානා සහ ආන්ද්‍රා (තෙළෙඟු) ප්‍රදේශවලත් සෑහෙන තරම් සාර්ථකත්වයක් ලබා තිබීම නිසාම, One චිත්‍රපටයේත් දමිළ සහ තෙළෙඟු Remakes නිෂ්පාදනයට ඔහුට අදහසක් ඇති වුණා විය හැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.

Political-Thriller ශානරයේ සිනමාපටයක් වන One හි කතා තේමාව ගොඩ නැඟෙන්නේ කඩක්කල් චන්ද්‍රන් නැමැති කේරළ මහ ඇමති වටායි. ඔහුගේ ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂය අතර සිදුවන මත ගැටුම් මතින් ඉදිරියට ඇදෙන One තිරපිටපත මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධම තිර රචකයන් දෙදෙනෙකු වන Bobby සහ Sanjay විසින් රචනා කොට තිබුනා. Mommoottyට අමතරව Joju George, Salim Kumar, Nimisha Sajayan සහ Mathew Thomas වැනි ජනප්‍රිය තලයේ නලු නිළි පිරිසක්ම මේ සිනමාපටයෙන් දැකගත හැකියි.  ඔහු විසින් මලයාලම් සිනමාපටයක ප්‍රතිනිර්මාණ අයිතීන් ලබා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. Muthukutty Xavier අධ්‍යක්ෂණය කළ, Anna Benගේ රංගනයෙන් හැඩ වුණු Helan සිනමාපටය මතක නම්,  මීට මාස කිහිපයකට පෙර Boney විසින් Helan චිත්‍රපටය හින්දි ප්‍රතිනිර්මාණයක් සඳහා අවසර ගත් අතර ඔහුගේම දියණිය Janvi Kapoor එහි ප්‍රධාන චරිතය රඟ දැක්වීමට නියමිතයි.

මීට අමතරව Boney Kapoor විසින් Jayam Raviගේ Comali දෙමළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණද අයිතිය මිලට ගත් අතර ඔහුගේ පුත් Arjun Kapoor විසින් එහි ප්‍රධාන චරිතය රඟපාන බවත් සඳහන්.  Ayushmann Khurranaගේ Article 15 හින්දි සිනමාපයටද ඔහුගේ නිෂ්පාදනය යටතේ දමිළ බසට ප්‍රතිනිර්මාණය වන අතර එහි රඟපාන්නේ Udhayanidhi Stalin බව මාධ්‍ය වාර්තා කොට තිබුනා.  මලයාලමේ ලේඩි සුපර්ස්ටාර් ලෙසින් හඳුන්වන Manju Warrierගේ prathi poovankozhi සිනමාපටය හින්දි බසින් නිපදවන්නටත් බොනී සූදානම් වුණු බවට කලකට පෙර යම් රාවයක් පැතිරුණා.  Boney Kapoorගේ මෙම ප්‍රතිනිර්මාණ ලැයිස්තුව ආදායම් අතින් සාර්ථක වීමට ඉඩකඩ ඇති නමුත් දැනටමත් බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. දක්ෂතාවය සහ Original Content මත පදනම් නොවී තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ටම අවස්ථා ලබා දෙන බව ඔහුට විරුද්ධව නැඟෙන ලොකුම චෝදනාවයි.

Share

118 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.