මකර Tattoo ගහපු කෙල්ලකගේ කතාවක් හොලිවුඩ් පුරයෙන්

Avatar Nisanka Weheraduwa | November 6, 2018 28 Views 0 Likes 0 Ratings

28 Views 0 Ratings Rate it

චිත්‍රපට වලට කැමති පිරිස විවිධ වර්ග වලට බෙදෙනවා. සමහර දෙනෙක් කැමති Action, thriller වගේ theme එකේ films වලට. තව කොටසක් ඉන්නවා drama films බලන. එතකොට Comedy, horror, science fiction, මේ වගේ හුඟක් කොටස් ප්‍රමාණයකට බෙදෙනවා. ඒ වගේම සමහරු කැමති bollywood. තවත් සමහරු hollywood films වලට. ඔය විදිහට විවිධ කොටස් ඉන්නවා චිත්‍රපටි බලන. මේ හැම වර්ගයකම පිරිස වෙනුවෙන් තමයි cinema.lk අපි, අලුත්ම ලෝක සිනමාවේ තොරතුරු අපිව බලන, කියවන, follow කරන අයට අරගෙන එන්නෙත්. මේ කියන්න යන්නේ අලුත්ම hollywood film එකක තොරතුරු.

film එකේ නම The girl in the spider’s web. මේ චිත්‍රපටය A new dragon tattoo story කියලත් හඳුන්වල තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන වීර චරිතය Dragon tattoo එකක් දාගතපු කෙල්ලක්. චිත්‍රපටයේ genre එක විදිහට crime thriller film කියල සඳහන් වෙනවා. Fede Alvarez අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයට Steven Knight තිර රචනයෙන් සම්බන්ධ වනවා. Claire Foy, Sverrir Gudnason, LaKeith Stanfield, Sylvia Hoeks, Stephen Merehant මේ චිත්‍රපටයේ චරිත වලට රඟපෑමෙන් සම්බන්ධ වනවා. චිත්‍රපටයට අපූරු ලස්සනක් එකතු කරන frames අල අයිතිකාරයා, ඒ කියන්නේ cinematographer වෙන්නේ pedro Luque.

චිත්‍රපටයේ මුළු ධාවන කාලය (duration) එක මිනිත්තු 115ක්. මුළු පිරිවැය ඇ.ඩො. මිලියන 43 ඉක්මවන බවත් සඳහන්.  computer hacker කෙනෙක් වුනු Lisbeth Salander අහ මාධ්‍යවේදී Mikael Blomkvist අතර තමයි කතාව ගොඩනැගෙන්නේ. චිත්‍රපටයේ පලවෙනි trailer release එක ජුනි මාසයේ සිදු කෙරෙන්නේ ඔක්තෝබර් මාසයේ තිරගත කරන පොරොන්දුව මත වුනත් ඒක ටිකක් ප්‍රමාද වුනා. කොහොම වුනත් නොවැම්බරයේ ඔන්න හොලිවුඩ් රසිකයින්ට මේ චිත්‍රපටය නරඹන්න අවස්තාව ලැබෙනවා.

Share

28 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.