“මගුල් ප්‍රජාතන්ත්‍රවාදය” ජාත්‍යන්තරයට
A Democratic Proposal (මගුල් ප්‍රජාතන්ත්‍රවාදය)
කාංචනා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් ඉන්න තරුණියක්. බොහෝවිට ඇය දෙවැනි වසරේ සිසුවියක් විය හැකියි. ඇයගේ විවාහය ගැන ඇගේ පවුලේ උදවිය ලොකු උනන්දුවක් දක්වනවා. ඇගේ පියා විදෙස්ගතව රැකියාව කරමින් මුදල් උපයමින් සිටින්නේ ඇගේ අනාගතය යහපත් කරවීම වෙනුවෙන් බව පවුලේ අය අදහස් කරනවා. ඇගේ මව ඇය වෙනුවෙන් සියල්ල ඉටුකරමින් සිටින්නේත් ඇගේ අනාගතය යහපත් කරවීම වෙනුවෙන්. නමුත් මේ හැමෝම අදහස් කරන පරිදි කාංචනාගේ අනාගතය වඩා යහපත් වීමට නම් පවුලේ ඥාතීන් නිර්දේශ කොට ඉදිරිපත් කරන තරුණයා සමග ඇය විවාහ විය යුතුයි.
මුල සිටම මේ විවාහ සම්බන්ධ කටයුත්තට විරුද්ධ වන කාංචනා අවසානයේ පවුලේ අය සතුටු කරවීම වෙනුවෙන් යෝජිත තරුණයා හමුවීමට තීරණය කරනවා. සිරිත් පරිදි මනාලිය බැලීමට මනාලයා පැමිණෙන දවසට මනාලියගේ සමීප ඥාතින් සියල්ලම ඇගේ නිවසට පැමිණෙනවා. මනාල පාර්ශවයේ ඥාතීන් පිටත්ව යන තැනින් මනාලියගේ නිවසේ නිවසේ දර්ශනයනේ “මගුල් ප්‍රජාතන්ත්‍රවාදය” ආරම්භ වනවා.
තමාගේ විවාහය ගැන තීරණය තමන් සතු එකක් බවත් තමන් කැමති දිනක කැමති අයකු සමග විවාහ වීමට තමාට අයිතිය ඇති බවත් කාංචනා තමන්ගේ ඥාතීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළත් ඒ පිරිස දිගින් දිගටම විවිධ අයුරින් කාංචනාව මේ විවාහය සඳහා කැමති කරවාගැනීමට උත්සාහ කරනවා. විටෙක ඔවුන් ඇයව කිරීමට උත්සාහ කරනවා. මේ බලකිරීම් වලට කාංචනා මුහුණ දෙන්නෙ කොහොමද..? “මගුල් ප්‍රජාතන්ත්‍රවාදය” ඒකට පිළිතුරු සපයනවා.
චන්දන ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ A Democtratic Proposal (මගුල් ප්‍රජාතන්ත්‍රවාදය) කෙටි චිත්‍රපටයේ කෞශල්‍යා ප්‍රනාන්දු, යසෝධා රසඳුනී, ජුලියන් කෞශල්‍යා, මයුර කාංචන, අංජන ප්‍රේමරත්න, චන්දන අලුත්ගේ, නදී කම්මැල්ලවීර, සමන්ති ලැනරෝල් චරිත නිරූපණය කොට තිබෙනවා. මේ වනවිට මෙම කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයක් නියෝජනය කිරීමට සමත්වී තිබෙනවා.
Rome Independent Prisma Awards, The Lift-Off Sessions, Sunnyside Shorts International Film Festival 2020, Tasveer South Asian Film Festival, 3rd South Asian Short Film Festiva යන සිනමා උළෙල Official Selection ලෙසින් නියෝජනය කිරීමට මේ කෙටි චිත්‍රපටයට හැකිව තිබෙනවා.
Written by Nisanka Weheraduwa