මගේ චිත්‍රපටය යාපනයට අකැපද..? ජූඩ් රත්නම් අසයි
ඔක්තෝබර් 03 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සැලසුම් කර තිබූ චිත්‍රපට ලැයිස්තුවෙන් සිය චිත්‍රපටය ඉවත් කොට ඇති බව සිනමාවේදී ජූඩ් රත්නම් පවසනවා. යාපනය සිනමා උළෙලේ තම සිනමා නිර්මාණය වන Demons in Paradise තිරගත කරන බවට නිවේදනය කර තිබූ බවත්, නමුත් අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය කලේ ඇයිදැයි තමන් නොදන්නා බවත් ජූඩ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේ සිදුවන්නේ කවර පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක අවශ්‍යතාවක් මතදැයි තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමාවෙත නිළ දැනුම්දීමක් මේ වනතෙක් සිදුකොට නොමැති බවත් ඔහු සිය නිවේදනයෙන් සඳහන් කරනවා. ඒ පිලිබඳ කරුණු විමසා ඔහු සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමුකර ඇති බව ජූඩ් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. අදාල ලිපියේ පිටපතක්ද සිය නිවේදනය සමග ඇමිණීමට ඔහු කටයුතු කර තිබුනා.
සිනමාවේදී ජූඩ් රත්නම් අපවෙත ඒවා තිබූ නිවේදනය සහ ඔහුගේ ඇමිණුම මෙසේයි.
******************************************************
සිනමාවේදී ජූඩ් රත්නම්ගේ නිවේදනය
DEMONS IN PARADISE චිත්‍රපටය
යාපනය සිනමා උළලේ ප්‍රදර්ශනය අත්හිටුවීම.
DEMONS IN PARADISE චිත්‍රපටය යාපනය සිනමා උළලෙන් අත්හිටුවා වරණය කොට ඇත. මා විසින් අධ්‍යක්ෂණය කොට ඇති එම චිත්‍රපටය ‘ප්‍රජාවක්’ යයි පවසනා කණ්ඩායමකගේ පීඩනය මත සංවිධායකවරුන් උලලෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇත.
චිත්‍රපටය එම උලලෙන් ඉවත්කිරීම සම්බන්දයෙන් මේ දක්වා මා හට නිල පැහැදිලි කිරීමක් ලැබී නැත.
මේ හරහා චිත්‍රපටය වාරණයක් හා මුලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බව මගේ අදහසයි.
චිත්‍රපටය අත්හිටුවීම සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලමින් ම විසින් උළලේ අධ්‍යක්ෂකවරියට යොමු කල ලිපියේ ඉංග්‍රීසි පිටපත මේ සමග අමුණා ඇත.
මෙම ප්‍රවෘතිය සඳහා අවකාශයක් සලසා දෙන්නේනම් ස්තුතිවන්ත වෙමි.
මීට
ජූඩ් රත්නම්
(චිත්‍රපට අධ්යක්ෂ)
ප.ලි:
DEMONS IN PARADISE චිත්‍රපටය ප්‍රංශයේ කාන්ස් සිනමා උළල නියෝජනය කොට Camera d’Or හා Golden eye සම්මාන සඳහා නිර්දේශ විය. එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක් හිමි කරගෙන ඇත.
ජූඩ් රත්නම් විසින් සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වෙත යොමුකළ ලිපිය
