මහනුවර නගර මාධ්‍යයේ අති නවීන සිනමා සංකීර්ණය.

Avatar Nisanka Weheraduwa | November 25, 2021 859 Views 0 Likes 2 On 1 Rating

859 Views 2 On 1 Rating Rate it

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීම වෙනුවෙන් රජය පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව පසුගියදා නිවේදනය කොට තිබුනා. මේ යෝජනාවත් සමග ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරි පියවරක් තබනු ඇති බවට බොහෝ දෙනෙක් පවසා තිබුනා. කෙසේ නමුත්, සිනමාව කර්මාන්තයක් වශයෙන් හඳුන්වා ගැනීමෙන් පමණක්ම සිනමාවේ ඉදිරි ගමනක් දකින්නට නොලැබෙනු ඇති බවත් සිනමා ශාලා වඩා පහසුකම් සහිත තාක්ෂණය අතින් දියුණු සහ නවීන බැවින් යුතුව පැවතිය යුතු බවත් බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතයක් වී තිබෙනවා. ලාංකේය සිනමාවට අලුතින්ම එකතු වන නවීනතම සිනමාහල් සංකීර්ණයක් පිලිබඳ තොරතුරුත් මේ සමගම වාර්තා වනවා.

නුවර නගර මධ්යයේ පිහිටා තිබෙන KCC Multiplex සිනමා සංකීර්ණය බිහි වන්නේ, Kandy City Centre නිර්මාතෘ තුසිත විජේසේනගේ අදහසක් අනුවයි. පසුගිය නොවැම්බර් 12 වනදා සිට මහජනතාවට විවෘත කළ මෙහි සිනමා ශාලා ත්රිත්වයක් දැකගන්න ලැබෙනවා. එක් සිනමා ශාලාවක් නවීනතම Dolby-Atmos තාක්ෂණයෙන් සමන්විත වන අතර ආසන ධාරිතාව අනුව එකවර ප්රේක්ෂකයින් 350කට අධික සංඛ්යාවකට මෙහි අසුන් ගැනීමට පුලුවන්. නුවර ප්රදේශයේ පළමු 4K (4096×2160) සිනමා ශාලාව අයත් වෙන්නෙත් මෙයටයි. C1 Screen Dolby Atmos 4K | 3D 135 Seats KCC Multiplex සංකීර්ණයේ පළමු සිනමාශාලාව හඳුන්වන්නේ C1 නමිනුයි. Ultra-Bright 4K තාක්ෂණයෙන් සමන්විත එය 3D සිනමා පද්ධතියකි. අති නවීන Dolby Atmos ශබ්ද දාරා සමඟින් ගුණාත්මක තත්වයේ 3D සිනමා අත්දැකීමක් විඳගැනීමට එහිදී ඔබට හැකියාව ලැබෙනවා. මීට පෙර Dolby Atmos තාක්ෂණය ශ්රී ලංකාවේදී විඳගැනීමට හැකියාව තිබුණේ සිනමාශාලා 02කදී පමණක් වීමත් විශේෂත්වයක්.

C1 හි එකවර ප්රේක්ෂකයින් 135කට අසුන් ගැනීමට හැකියාව තිබෙනවා. C2 Screen Dolby 7.1 Surrounded 2K Laser | 3D 70 Seats ශ්රී ලංකාවේ පළමු වතාවට 2K Laser ප්රෙක්ෂේපණයක් සහිත සිනමා අත්දැකීමක් විඳ ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ නුවර KCC Multiplex හිදී පමණයි. Dolby 7.1 Surrounded ශබ්ද පද්ධතියක් සහිත මෙම 3D Screen හි ආසන ධාරිතාව 70කට සීමා වනවා. Private Screenings සහ Corporate Events ආදියට මෙය වෙන් කරවා ගැනීමටත් ඔබට පුලුවන්. C3 Screen Dolby 7.1 Surrounded 2K Laser | 3D 150 Seats C2 මෙන්ම මෙයත් 3D තාක්ෂණයෙන් යුක්තයි. Dolby 7.1 Surrounded ශබ්ද පද්ධතියක් සහිතයි. KCC සිනමා සංකීර්ණයේ වැඩිම ආසන ධාරිතාව දැකගන්න ලැබෙන්නේ මෙහිදියී.

එක්වර නරඹන්නන් 150කට අසුන් ගැනීමට පුලුවන්. KCC Multiplex හි ආසන ආනයනය කර තිබෙන්නේ සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු ලෝක ප්රසිද්ධ නාට්යශාලා, ක්රීඩාංගණ රාශියකට ආසන පහසුකම් සැපයූ Camatic Seating ආයතනයෙනි. පසුගිය 12 වනදා සිට ජනතාවට විවෘත කළ මෙහි චිත්රපට 10කට ආසන්න ප්රමාණයක් දැනටමත් තිරගත වනවා. www.kccmultiplex.lk නිල වෙබ් අඩවිය හරහා ප්රවේශපත් වෙන් කරගැනීමට පුලුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත ගුණාත්මක හොලිවුඩ්, බොලිවුඩ්, සිංහල චිත්රපට රාශියකුත් උසස්ම ප්රමිතියෙන් නැරඹීමට KCC Multiplex තුළින් ඔබට අවස්ථාව ලැබෙනවා.

Contact: 0812 208 077

socials@kccmultiplex.lk

Share

859 Views 2 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.