Sri Lanka's Best Cinema Portal

 


මාව දමා යන්න ගියා…….සිකුරු ලියා

0
Posted September 18, 2012 by Cinema.lk A in Articles
yyy

කොමල ලියා බොලඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

වර්ශය 1975 ලෙස සටහන් විය ලාංකීය දෙවන ටෙලස්කෝප් චිත්‍රපටය තිරගත වීම ඇරඹුනි..දින කිහිපයකින් බාල මහලු කාගේ මුවෙනුත් පිටවූයේ එකම ගීතයකි. ඒ වෙනෙකක් නොව සිකුරුලියා විත්‍රපටය වෙනුවෙන් ජේ ඒ මිල්ටන් පෙරේරා ගැයූ කොමළ ලියා ගීතයයි..

ධර්මසිරි ගමගේ නියතවම විත්‍රපට අත් පිටපත කියවීමෙන් පසුව ලියවුණු ගීතයක් විය හැකිය සිකුරුලියා ගීතය..

මා මෙතෙක් ඇලුම්කරන ගීතයක් ලාංකීය සුභාවිත ගීතයේ හමුවී නැත..සැබවින්ම මා මෙම ගීතයට අසීමිතව ඇළුම් කරමි.

එච් ඩී ප්‍රේමරත්න ලාංකේය සුභාවිත ගීතය වෙනුවෙන් මතක හිටිනා යමක් කලා නම් වෙනෙකක් නොව මේ ගීතයම වේ යැයි සිතේ..

මාස්ටර් ක්ලැරන්ස් විජේවර්ධන යෙදූ තනුව මීට වඩා තීව්ර ලෙස ගැලපුණි..එම් කේ රොක්සාමි,මැතිව්,ස්ටැන්ලි පීරිස්,අපූරු සුසංයෝගයක් එක්කරමින් මේ ගීය ගීත මාදූර්යයෙන් ඹපවත් කරවීය..කැලනිය සරසවි ශබ්ධාගාරය ඊට මනා ලෙස ගැලපුනි..

ජොනී බාලසූරිය නම් චරිතය ප්‍රේක්ශකයා හඬවද්දී පසුපස සිට හඬ එක්කල මිල්ටන් පෙරේරා නම්වූ සුවිශේෂ චරිතය අප කෙසේ අමතක කරම්ද?

බන්දුල ගලගෙදර නොහොත් බන්දුල උබයරත්න ගලගෙදර නම් වූ මිනිසා බොහෝ උස් වූ සිරුරක් ඇති කඩවසම් පුරුශයෙකු නොවේ…නමුදු ඔහු ඉතිහාසගතවී හමාරය..සිකුරුලියා හී ප්‍රධාන චරිතය රඟපෑවේ අඩි තුනකට යාන්තම් කිට්ටු මිණිසෙකි..නමුදු පතාක යෝදයෙකුව ඹහු ලාංකීය සිනමාව හැත්තෑව අවධියේ තමා නතු කරගත්තේ නිරායාසයෙනි.

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි.
මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ගේය පද රචකයා විසින් චිත්‍රපටයේ කථාකායකයාගේ එනම් ප්‍රධාන චරිතයේ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශය කරයි.
ගීතයක තිබිය යුතු මූලිකාංග සුමට ලෙස යොදාගෙන තිබේ..ඉන් නොනැවතී හැඟිම් උද්දීපනය වන ලෙස වචන භාවිතාකර තිබේ…
කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි.
ගත උණුසුම්ය එය සීතලක් වනුයේ ලමැදින් හමනා සුවඳ සොබාවය මුසුවීමෙනි…එහෙව් ලමැදින් ලද ආශ්වාදය මතක් කරමින් හැර දමා ගිය තරුණිය පිළිඹඳව සිහිපත් කිරීමක්ම වෙයි.
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

ප්‍රේමය යනු විටෙක සැනසුමකි විටක වේදනාවකි..ප්‍රේමය සිරුරට වඩා මනසට කරන බලපෑම අති මහත්ය …මෙම පද කිහිපයෙන් තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හ ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස අකාලිකව වින්දනය කල හැකි වීමත්ය.

ගීතය හුදෙක්ම වචන පමනක්ම නොවිය යුතුය.මෙය නූතන ගීත කලාවට සිකුරුලියාගෙන් ඉගෙනගත හැකි හොඳම පාඩමයි..

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..

Share

About the Author

Cinema.lk A