මැදියම් රැයක පලා යන්නෙක්: Kooman
විවිධ සිනමා ශානර උත්සාහ කරමින්, එකිනෙකට වෙනස් සිනමාපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ප්‍රසිද්ධ Jeethu Joseph මලයාලම් සිනමාවේ දැවැන්ත වැඩ කිහිපයකම හිමිකරුවෙක්. ඔහුගේ Drishyam මලයාලම් සිනමාපටය ඉන්දියානු සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම නිර්මාණයක් විදිහටයි හැඳින්වෙන්නේ. Action Movies, Comedies, Thrillers ආදී විවිධ ශානරවල චිත්‍රපට ගණනාවක් Jeethu Joseph නිර්මාණය කර තිබෙනවා. ජීතුගේ පෙර චිත්‍රපටවල සාර්ථකත්වය නිසාම ඔහුගේ upcoming projects ගැන විමසිල්ලෙන් සිටින විශාල ප්රේක්ෂකාගාරයකුත් දකුණු ඉන්දියාව පුරා විසිර සිටිනවා.
12th Man හි රූපගත කිරීම්වලින් අනතුරුව ඔහු විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම සිනමාපටය පිළිබඳ විස්තරත් පසුගිය සතියේදී කේරළයෙන් වාර්තා වුනා.
Jeethu Josephගෙන් විවිධ ශානරවල සිනමාපට දැකගන්න ලැබුණත්, ඔහුගේ iconic movies සියල්ලම පාහේ Thrillers බව සෑම දෙනාම දන්නා කරුණක්. ජීතු ජෝසප්ගේ සිනමා ජීවිතයේ හොඳම නිර්මාණය ලෙස හැඳින්වෙන Drishyam (2013) ඉන්දියානු සිනමාවෙන් බිහි වූ විශිෂ්ටතම ත්‍රිලර් සිනමාපටයක් බව ප්‍රධාන පෙළේ ඉන්දීය විචාරකයින් බොහෝ දෙනෙක් පවසනවා. එහි දෙවන දිගහැරුම ලෙසින් පසුගිය වසරේදී එළි දැක්වූ Drishyam 02: The Resumption හි පවා පළමු චිත්‍රපටයේ ජීව ගුණය එලෙසින්ම ආරක්ෂා වී තිබුනා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 12th Man සහ RAM මලයාලම් චිත්‍රපට පවා දැනටමත් අතිශය ජනප්‍රිය රසික අවධානයක් දිනාගෙන අවසානයි.
ජිතූගේ Thriller චිත්‍රපට ලැයිස්තුවට එකතු වන මෙම අලුත්ම සිනමාපටයේ මුල්ම motion පෝස්ටරය එළි දැක්වුණේ පසුගිය පෙබරවාරි 04වනදායි. එහිදී title, taglines මෙන්ම cast updates ගැනත් සීමිත තොරතුරු ප්‍රමාණයක් මාධ්‍යයට අණාවරණය කළා. නිෂ්පාදක කණ්ඩායම විසින් මේ සිනමාපටය නම් කර තිබෙන්නේ Kooman යනුවෙනුයි. ඊට අමතරව ‘The Night Rider’ ලෙසින් tagline වාක්‍යයක්ද motion පෝස්ටරය තුළ දැකගන්න ලැබෙනවා.
ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබෙන්නේ දක්ෂ මලයාලම් නලු Asif Aliවයි. Asif Ali සහ Jeethu Joseph එකතුවෙන් යම් චිත්‍රපටයක් නිර්මාණය වන බවට ඉඟි ලැබුණත් Asif හැරුණු කොට තවත් නලුවන් කිහිප දෙනෙකුම කාලයන් කාලයට මේ චිත්‍රපටය සමඟින් ඈදුනා. කාලයක් තිස්සේම එකිනෙකට වෙනස්, විවිධ තොරතුරු සංසරණය වීම නිසා මලයාම් ප්‍රේක්ෂකාගාරය පවා මීට දැක්වූයේ ඇල්මැරුණු ස්වභාවයක්…
“The much-awaited announcement is here! Teaming up with Jeethu Joseph.”
තමන්ගේ Instagram ගිණුම ඔස්සේ රසිකයින්ව දැනුවත් කළ Asif Ali එසේ අදහස් දක්වා තිබුනා. Jeethu Josephගේ චිත්‍රපටයක් සඳහා Asif Ali රංගනයෙන් සම්බන්ධ වෙන පළමු අවස්ථාව වෙන්නේ ද මෙයයි. Thriller සිනමාපටයක් ලෙසින් වර්ග කෙරුණත්, පසුගියදා නිකුත් කළ motion පෝස්ටරයෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය හැකි බවයි රසිකයින්ගේ අදහස වෙන්නේ… එහි දැක ගන්නට ලැබෙන elements බොහෝමයක් ජිතූගේ පෙර සිනමාපටවලට වඩා fantasy බවකින් යුතු බවත් ඔවුන් පවසනවා. ඒ නිසාම, මෙවර ජිතූ ජෝසප් අත්හදා බලන්නට සූදානම් වන චිත්‍රපට ශානරය රසිකයින්ගේ වැඩි ආකර්ෂණයකට ලක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
ETIMES වෙබ් අඩවිය සමඟ අධ්‍යක්ෂකවරයා සිදු කළ සාකච්ඡාවකදී ඔහු මේ ගැන තවත් තොරතුරක් හෙළිකළා. ඒ අනුව Kooman හරහා Asif Aliගෙන් මින් පෙර නොදුටු අන්දමේ රංගනයක් දැක ගත හැකි බවයි ඔහු පැවසුවේ… Jeethu Joseph වැනි ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකුගේ ප්‍රකාශ එක්වරම බැහැර කරන්නටත් නොහැකි නිසා, මේ ගැන උනන්දුවෙන් පසුවන රසිකයින්ගේ බලාපොරොත්තු තවත් වැඩි වී තිබෙනවා.
මෙය එක් දිනක් ඇතුළත සිදුවන සිදුවීම් මාලාවක අළලා ගෙතෙන කතා පුවතක් බවට තවත් කේරළ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත්, Jeethuගේ සුපුරුදු thriller තැතිගැන්ම Kooman – The Night Rider හරහාත් නොවරදාම දැකගන්නට නම් හැකි වේවි.
Asif Aliට අමතරව Renji Panicker, Baburaj, Jaffar Idukki වැනි ජනප්‍රිය මලයාලම් නලු නිළියන් රැසක්ද මෙහි රංගනයෙන් එක් වීමට නියමිතයි. තවත් මලයාලම් රංගන ශිල්පීන් කිහිප දෙනෙකු චිත්‍රපටයේ වැදගත් චරිතවලට යොදා ගැනීමට නියමිත බවත්, මේ දිනවල ඔවුන් සමඟ සාකච්ඡා සිදු කරමින් සිටින බවත් Jeethu පවසා තිබෙනවා. අධ්‍යක්ෂකවරයාගේ බොහෝ නිර්මාණවල කතාව සහ තිරපිටපත ඔහු විසින්ම රචනා කළද Kooman හි තිර පිටපත ලියා තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකු විසිනුයි.
K R Krishnakumarගේ තිර රචනයෙන් හැඩ වන මේ සිනමාපටය නිෂ්පාදනය සඳහා Ananya Films වෙනුවෙන් Allwin Antony සම්බන්ධව සිටිනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය වැනි Tiyaan, Haram, Pa Va , Kalimannu සිනමාපට ගණනාවකට කැමරා අධ්‍යක්ෂණයෙන් එක් වූ Satheesh Kurupගෙනි. ජිතූ ජෝසප් මින් පෙර නිර්මාණය කළ Adhi, Mr. & Mrs. Rowdy සහ Drishyam 02 චිත්‍රපටයන් හි කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුමයි.
කේරළයේ ප්‍රසිද්ධ තිර රචකයෙකු වන Murali Gopiගේ හඬින් ගැයෙන ගීතයක් ද මෙහි ඇතුළත් වනවා. මලයාලම් සිනමාවේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය වන තිර පිටපත රචනා කරනු ලැබූයේ Murali Gopiයි.
එළඹෙන පෙබරවාරි 28 වනදා සිට Kooman රූපගත කිරීම් ඇරඹීමට සියල්ලම සූදානම් බවත් නිෂ්පාදක කණ්ඩායම විසින් පවසනවා!
Written by Kavinu Weerakkody