මෙවර IIFA AWARDS අබුඩාබියේදී…

Avatar Kavinu Weerakkody | June 12, 2022 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය සිනමාවක් බව හොලිවුඩ් සිනමාකරුවන් පවා පිළිගන්නා කරුණක්! වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ ආදී වශයෙන් භාෂාව පදනම්ව ප්‍රාන්තීය සිනමා ලෙසත් යළි ඉන්දීය සිනමාව බෙදා වෙන් කෙරෙනවා.

මෙයින් ඉන්දීය සිනමාවේ මුහුණත නැතිනම් පුරෝගාමීයා ලෙස වර්තමානයේදී හැඳින්වෙන්නේ එරට රාජ්‍ය භාෂාව වූ හින්දි භාෂාව පදනම්ව බිහිවූ උතුරු ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයයි. පසුගිය වසර කිහිපය තුළදී බොලිවුඩයෙන් බිහිවූ බොහෝමයක් නිර්මාණ සිය ප්‍රේක්ෂකයින්ව සතුටු කරන්නට සමත් නොවුණු නමුත්, හින්දි සිනමාව තුළ දක්නට ලැබෙන විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකරුවන්, තාක්ෂණික ශිල්පීන් සහ නලු නිළියන්ව අපට මඟ හරින්නට බැහැ.
එවැනි විශිෂ්ටතමයින් උදෙසා සම්මාන පිරිනැමෙන සිනමා උළෙල ගණනාවක්ම වාර්ෂිකව ලෝ පුරා පැවැත්වෙනවා. ඉන්දියාව තුළ මෙන්ම ඉන්දියාවෙන් පිටතත් මේ අයුරින් වසරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර ඉන්දීය සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක් දැකගන්නට පුලුවන්. ඒ සිනමා රාත්‍රීන් අතුරින් ප්‍රධාන තැනක් ගන්නා ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලක් ලෙසයි IIFA AWARDS සැලකෙන්නේ…

මේ වනවිට 21 වතාවක් පවත්වා තිබෙන IIFA Movie Awards පළමු වරට සංවිධානය වූයේ 2000 වසරේදීයි. නොකඩවා 22 වරට පැවැත්වූ මෙවර IIFA Movie Awards උළෙලදී උතුරු ඉන්දියාව මුල් කරගත් හින්දි සිනමාවේ වාර්ෂික විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් කාණ්ඩ 23ක් ඔස්සේ සම්මාන පිරිනැමුනා. පසුගිය ජූනි 3-4 දෙදින පුරා එක්සත් අරාබි රාජ්‍යයේ පැවැත්වූ මෙම සම්මාන රාත්‍රියට සහභාගී වීමට හින්දි සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් අබුඩාබි වෙත පැමිණ තිබෙනු දක්නට ලැබීමත් විශේෂත්වයක්…

සුප්‍රසිද්ධ හින්දි රංගන ශිල්පී සල්මාන් ඛාන් උළෙලේ ප්‍රධාන නිවේදකයා වශයෙන් කටයුතු කළ අතර ඔහුගේ සහායට Riteish Deshmukh සහ Manish Paul ද එක්වුනා. ඔවුන් තිදෙනා විනෝදකාමීව සහ සැහැල්ලුවෙන් IIFA Movie Awards මෙහෙයවූ ආකාරය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වී තිබුනා. මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් Shershaah ජයග්‍රහණය කළ අතර හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගත්තේ Sardar Udham වෙනුවෙන් Vicky Kaushal විසිනුයි. Mimi හි ප්‍රධාන චරිතය රඟපෑ Kriti Sanon හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුනා.

IIFA Movie Awards 2022 හි වැඩිම නිර්දේශවීම් සහිත නිර්මාණය ලෙසත්, වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් නිර්මාණය ලෙසත්, පළමු ස්ථානයට පැමිණියේ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟපෑ Shershaah චිත්‍රපටයමයි. ඒ පිළිවෙළින් නිර්දේශවීම් 12ක් සහ සම්මාන 06ක් දිනා ගනිමිනි.

පහත දක්වා තිබෙන්නේ මෙවර IIFA Movie Awards හිදී ජයග්‍රාහණය කළ චිත්‍රපටවල සම්පූර්ණ ලැයිස්තුවයි.

Best Picture

– Shershaah
83
Ludo
Tanhaji The Unsung Warrior
Thappad

Best Director

– Vishnuvardhan (Shershaah)
Kabir Khan (83)
Anurag Basu (Ludo)
Shoojit Sircar (Sardar Udham)
Anubhav Sinha (Thappad)

Best Actor In A Leading Role (Female)

– Kriti Sanon (Mimi)
Vidya Balan (Sherni)
Sanya Malhotra (Pagglait)
Kiara Advani (Shershaah)
Taapsee Pannu (Thappad)

Best Actor In A Leading Role (Male)

– Vicky Kaushal (Sardar Udham)
Ranveer Singh (83)
Sidharth Malhotra (Shershaah)
Late Irrfan Khan (Angrezi Medium)
Manoj Bajpayee (Bhonsle)

Best Actor In A Supporting Role (Female)

– Sai Tamhankar (Mimi)
Gauahar Khan (14 Phere)
Radhika Madan (Angrezi Medium)
Lara Dutta (Bell Bottom)
Shalini Vatsa (Ludo)

Best Actor In A Supporting Role (Male)

– Pankaj Tripathi (Ludo)
Jiiva (83)
Pankaj Tripathi (83)
Saif Ali Khan (Tanhaji The Unsung Warrior)
Kumud Mishra (Thappad)

Best Music Direction

– Tanishk Bagchi, Jasleen Royal, Javed-Mohsin, Vikram Montrose, B Praak, Jaani (Shershaah)
Pritam (83)
A.R.Rahman (99 Songs)
A.R.Rahman (Atrangi Re)
Pritam (Ludo)

Best Playback Singer (Female)

– Asees Kaur for ‘Raataan Lambiyan’ (Shershaah)
Shreya Ghoshal for ‘Chaka Chak’ (Atrangi Re)
Priya Saraiya for ‘Kalle Kalle’ (Chandigarh Kare Aashiqui)
Shreya Ghoshal for ‘Param Sundari’ (Mimi)
Jasleen Royal for ‘Ranjha’ (Shershaah)

Best Playback Singer (Male)

– Jubin Nautiyal for ‘Raataan Lambiyan’ (Shershaah)
Arijit Singh for ‘Lehra Do’ (83)
Arijit Singh for ‘Rait Zara Si’ (Atrangi Re)
Aijit Singh for ‘Aabaad Barbaad’ (Ludo)
B Praak for ‘Mann Bharya’ (Shershaah)

Best Story (Original)

– Anurag Basu (Ludo)
Himanshu Sharma (Atrangi Re)
Shubham (Eeb Allay Ooo!)
Sandeep Shrivastava (Shershaah)

Best Story (Adapted)

– Kabir Khan, Sanjay Puran Singh Chauhan (Based on ICC World CUp 1983) (83)
Abhishek Chaubey, Hussain Haidry (Ankahi Kahaniya)
Laxman Utekar, Rohan Shankar (Mimi)
Om Raut (Tanhaji The Unsung Warrior)
Vijayendra Prasad (Thalaivii)

Best Lyrics

– Kausar Munir for ‘Lehra Do’ (83)
Irshad Kamil for ‘Rait Zara Si’ (Atrangi Re)
Irshad Kamil for ‘Shayad’ (Love Aaj Kal)
Tanishk Bagchi for the song ‘Raatan Lambiyan’ (Shershaah)
B Praak, Jaani for ‘Mann Bharya’ (Shershaah)

Best Debut – Male
Ashan Shetty (Tadap)

Best Debut – Female
Sharvari Wagh (Bunty Aur Babli 2)

Best Screenplay
Sandeep Shrivastava (Shershaah)

Best Dialogue
Anubhav Sinha, Mrunmayee Lagoo (Thappad)

Best Cinematography
Avik Mukhopadhyay (Sardar Udham)

Best Choreography
Vijay Ganguly for “Chaka Chak” (Atrangi Re)

Best Editing
Chandrashekhar Prajapati (Sardar Udham)

Best Special Effects
Naveen Paul (Sardar Udham)

Best Background Score
A.R. Rahman (Atrangi Re)

Best Sound Design
Lochan Kanvinde (Tanhaji)

Best Sound Mixing
Ajay Kumar P.B. & Manik Batra (83)

Share

64 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.