මෙවර OSCAR සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට.

Avatar Nisanka Weheraduwa | April 8, 2021 309 Views 0 Likes 5 On 1 Rating

309 Views 5 On 1 Rating Rate it

 සටහන : කවිනු වීරක්කොඩි.

දින ගණනක ප්‍රමාදයකින් පසු, මෙවර Oscars නිර්දේශිත නාම ලැයිස්තුව මාධ්‍යයට එළිදැක්වූවා.  2020 ජනවාරි 01 සිට 2021 පෙබරවාරි 28 දක්වා තිරගත වුණු චිත්‍රපට අතුරින් විවිධ ශානරයන් යටතේ හොඳම චිත්‍රපට තෝරා ගනිමින් සකස් වුණු මෙම නිර්දේශ ලැයිස්තුව අන්තර්ජාලයට නිකුත් වුණේ මාර්තු 15වනදායි. මෙම අප්‍රේල් මස 25වනදා පැවැත්වීමට නියමිත Oscars සම්මාන උත්සවයට සමගාමීව නිකුත් වුණු ඒ ලැයිස්තුව මාධ්‍යයට එළි දැක්වූයේ Priyanka Chopra සහ ඇගේ සැමියා වන Nick Jonas විසිනුයි.

සීමිත සිනමාශාලා ප්‍රමාණයක තිරගත වුණු Netflix හි Monk සිනමාපටය සම්මාන 10කට නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. හොඳම අධ්‍යක්ෂකවරයාගේ සම්මානයට පළමු වරට කාන්තාවන් දෙදෙනෙකුම නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව 2021 Oscars සම්මාන උළෙලේ සම්පූර්ණ නිර්දේශවීම් ලැයිස්තුව මෙලෙසයි.

Best Picture – හොඳම සිනමාපටය

හොඳම චිත්‍රපටය සඳහා මෙවර නිර්දේශ වී ඇති චිත්‍රපට 08 පිළිබඳවම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. එමෙන්ම එම නිර්මාණ සියල්ලම අදාළ කැටරියට නොමිනේට් වීමට බෙහෙවින්ම සුදුසු බවයි බොහෝ දෙනාගේ අදහස.

‍The Father

Judas and the Black Messiah

Mank

Minari

Sound of Metal

The Trial of the Chicago 7

Promising Young Woman

Nomadland

Best Director – හොඳම අධ්‍යක්ෂණය

මෙවර දැකගත හැකි විශේෂත්වයක් වන්නේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සඳහා කාන්තාවන් දෙදෙනෙකුම නිර්දේශ වී තිබීමයි. ඒ Nomadland සිනමාපටයේ අධ්‍යක්ෂිකා Chloé Zhao සහ Promising Young Woman චිත්‍රපටය නිර්මාණය කළ Emerald Fennell යන කාන්තාවන් දෙදෙනායි.

ඔවුන් දෙදෙනා සමඟින් මෙම සම්මානය සඳහා තරඟ කරන්නේ

Another Round හි අධ්‍යක්ෂක Thomas Vinterberg

Mank හි අධ්‍යක්ෂක David Fincher

Minari හි අධ්‍යක්ෂක Lee Isaac Chung යන විශිෂ්ටයන් ය.

Best Actor in a Leading Role – හොඳම නලුවාට හිමි සම්මානය

හොඳම නලුවාගේ නිර්දේශවීම් අතරේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු නිර්දේශවීම වන්නේ චැඩ්වික් බොස්මන්ගේ නාමයයි. පිළිකාවක් නිසා පසුගිය වසරේ ලෝකයෙන් සමුගත් චැඩ්වික්, Ma Rainey’s Black Bottom චිත්‍රපටයේ රඟපෑම හේතුවෙන් මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මානයටත් පාත්‍ර වූ නිසා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර Oscar සම්මානයද ඔහුට හිමි වනු ඇති බවයි.

Riz Ahmed (Sound of Metal)

Chadwick Boseman (Ma Rainey’s Black Bottom)

Anthony Hopkins (The Father)

Gary Oldman (Mank)

Steven Yeun (Minari)

Best Actress in a Leading Role – හොඳම නිළියට හිමි සම්මානය

Viola Davis (Ma Rainey’s Black Bottom)

Andra Day (The United States v. Billie Holiday)

Vanessa Kirby (Pieces of a Woman)

Frances McDormand (Nomadland)

Carey Mulligan (Promising Young Woman)

Best Actor in a Supporting Role – හොඳම සහාය නලුවා

සාෂා බැරන්ගේ The Trial of the Chicago 7 සිනමාපටය පසුගිය ගෝල්ඩන් ග්ලෝබ්ස් උළෙලේ ද සම්මානයට පාත්‍ර වූ නිසා එම නිර්දේශවීම් ගැනත් ප්‍රෙක්ෂකයින් බොහොම නොඉවසිල්ලෙන් පසුවනවා.

Sacha Baron Cohen (The Trial of the Chicago 7)

Daniel Kaluuya (Judas and the Black Messiah)

Leslie Odom Jr. (One Night in Miami)

Paul Raci (Sound of Metal)

Lakeith Stanfield (Judas and the Black Messiah)

Best Actress in a Supporting Role – හොඳම සහාය නිළිය

Mank සහ Minari චිත්‍රපට ද්විත්වයම යළිත් මෙහි අවසාන නිර්දේශවීම් අතරට පැමිණ තිබෙනවා. එසේම Borat 02 චිත්‍රපටියේ බොරට්ගේ දියණියගේ චරිතය රඟපෑ මාරියාද මෙම කැටරිය යටතේ තරඟ වදිනවා.

Maria Bakalova (Borat Subsequent Moviefilm)

Glenn Close (Hillbilly Elegy)

Olivia Colman (The Father)

Amanda Seyfried (Mank)

Yuh-jung Youn (Minari)

Best Animated Feature Film – හොඳම පරිගණක සජීවිකරණ සිනමාපටය

Onward

Over the Moon  

A Shaun the Sheep Movie: Farmageddon

Soul

Wolfwalkers

මෙම ඇනිමේෂන් චිත්‍රපට පහෙන් බොහෝ දෙනාගේ මනාපය ඇත්තේ Onward සහ Soul නිර්මාණ දෙකටයි. ඉතා සියුම් අන්දමින් නරඹන්නාව ඇද බැද ගන්නා රසයකින් මේ ද්විත්වයම පරිපූර්ණයි. Onward සහ Soul චිත්‍රපට දෙකම Pixar ස්ටුඩියෝවේ නිර්මාණයි.

Best Costume Design – හොඳම ඇදුම් නිර්මාණය

Emma

Mank

Ma Rainey’s Black Bottom

Mulan

Pinocchio

Best Cinematography – හොඳම කැමරා අධ්‍යක්ෂණය

Judas and the Black Messiah

Mank

News of the World

Nomadland

The Trial of the Chicago 7

Best Film Editing – හොඳම සංස්කරණය

The Father

Nomadland

Promising Young Woman

Sound of Metal

The Trial of the Chicago 7

Best International Feature Film – හොඳම විදෙස් භාෂා චිත්‍රපටය

Another Round (Denmark)

Better Days (Hong Kong)

Collective (Romania)

The Man Who Sold His Skin (Tunisia)

Quo Vadis, Aida? (Bosnia and Herzegovina)

Best Visual Effects – හොඳම දෘශ්‍ය ප්‍රයෝග

මෙම කැටගරිය යටතේ Tenet හෝ Love and Monsters චිත්‍රපටය ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒවා වැඩියෙන්ම කතාබහට පවා ලක් වූයේ එම චිත්‍රපටවල දෘශ්‍ය ප්‍රයෝග  භාවිතය නිසාවෙන්මයි.

Love and Monsters

The Midnight Sky

Mulan

The One and Only Ivan

Tenet

මෙවර වැඩිම නිර්දේශයන් ප්‍රමාණයක්  ලබාගෙන තිබෙන්නේ  David Fincher අධ්‍යක්ෂණය කළ Mank චිත්‍රපටය වන අතර ලැබුණු නිර්දේශවීම් ප්‍රමාණය 10ක්.

ඊළඟට වැඩිම නිර්දේශයන් අතරට එක්වීමට චිත්‍රපට හයක් සමත් වුනා. Judas and the Black Messiah, Minari, Nomadland, Sound of Metal, Trail of Chicago 7 හා The Father යන නිර්මාණ මෙලෙස නිර්දේශ හය බැගින් හිමිකරගෙන තිබෙනවා.

මෙම නිර්දේශවීම්වල අවසාන ප්‍රතිඵලය කෙසේ වේවිද? ජය ලබන්නේ කවුරුන්ද? මෙම 25වනදාට මේ සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇති.

Share

309 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.