මේනක සහ නෙහාරා යළිත් ලංකාවේ පදිංචියට එයි

Avatar Nisanka Weheraduwa | October 12, 2018 11 Views 0 Likes 0 Ratings

11 Views 0 Ratings Rate it

මෙරට ජනප්‍රිය ටෙලි නළු-නිළි යුවලක් වුනු මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පසුගිය කාලය පුරාම කලා කටයුතු වලින් ඈත්ව සිටියා. ඊට හේතුව වුනේ ඔවුන් දෙදෙනාම විදෙස් ගතව සිටීම. නමුත් හදිසියේ මේ දෙදෙනා නැවත ලංකාවට ඇවිත්. ඒ විතරකුත් නෙමෙයි ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණි බවත් පැවසෙනවා. මේ වනවිට නැවත කලා කටයුතු වලට සම්බන්ධ වීමත් ආරම්භ කොට තිබෙන බව සඳහන්. මේ මේනක රාජපක්ෂ මාධ්‍යයට ලබාදුන් පිළිතුරු කිහිපයක්.

අවුරුදු තුනකට පස්සේ ලංකාවට ඇවිත් අලුත් නිර්මාණයකට එහෙම දායක වුණේ නැද්ද?
අලුත් ටෙලි නාට්‍යයක ෂූටිං පටන් ගත්තා. ඒ පසුගිය 3 වැනිදා. 7 වැනිදා අලුත් චිත්‍රපටයක රඟපාන්නත් ගත්තා.

ඒ කියන්නේ ආයෙමත් නළුකමට ඇවිත්. එතකොට නෙහාරා?
ටෙලි නාට්‍යයේ නම් මගේ පෙම්වතිය වෙන නිළියක්. චිත්‍රපටයේ නම් නෙහාරයි මමයි තමයි එකට රඟපාන්නේ.

එතකොට නෙහාරා ගැන පැතිර යන මේ ආරංචිය මොකක්ද?
අපි දෙන්නවත් නොදන්න දේවල් තමයි බොරු කටකතා විදියට මේ රටේ පැතිරෙන්නේ. සමහරු කෝල් කරලත් ඒ ගැන මගෙන් ඇහුවා. නෙහාරා ආපසු ගියා කියලා අදටත් සමහරු විශ්වාස කරනවා.

ඒ කියන්නේ ඒක බොරු ආරංචියක්?
ඔව්..වෙබ් අඩවියක පළ කරපු බොරු ප්‍රවෘත්තියක් නිසා තමයි ඔය කතාව පැතිරුණේ.

ඇයි ඒ වගේ ආරංචියක් පැතිරිලා ගියේ?
නෙහාරාගේ අධ්‍යාපන කටයුතු තවමත් අවසන් වෙලා නැහැ. ඉතිරි ටික සම්පූර්ණ කරන්න එයාට යන්න වෙනවා. ඒත් මට ආයේ යන්න අවශ්‍යතාවක් නැහැ. මගේ උපාධිය ඉවරයි. ඒ හින්දා ලබන අවුරුද්දේ ආයෙම ගිහින් ඉතුරු විභාග කටයුතු කරල එන්න තමයි නෙහාරට ඕන වුණේ. ඒ බව ඇය පුවත්පත්වලටත් කිව්වා. ඒක තමයි වැරදි පුවතක් විදියට සමහර වෙබ් අඩවි විකෘති කරලා පළකර තිබුණේ.

එතකොට දැන් නෙහාරා ලබන අවුරුද්දේ ආයෙම යනවා?
නැහැ… අපි ඒ තීරණයත් වෙනස් කළා.

එතකොට නෙහාරාගේ අධ්‍යාපන කටයුතු අතරමග නතර වෙනවානේ?
විදෙස්ගත නොවී ඔන්ලයින් පුළුවන් ඒ කටයුතු අවසන් කරන්න.

එතකොට ඔබ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?
මම ව්‍යාපාර හා මූල්‍යකරණය තමයි වැඩිදුරටත් ඉගෙන ගත්තේ. මේ රටේ වෙළෙඳ‍පොළ ගැන තව ටිකක් හදාරලා මම උගත් දේ තුළින් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට එන්නයි හිතාගෙන ඉන්නේ.

**************************************

උපුටා ගැනීමක්.

Share

11 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.