යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල (Jaffna International Film Festival) සාර්ථකව අවසන් කෙරෙයි

Avatar Nisanka Weheraduwa | September 22, 2017 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල උත්කර්ෂවත් අන්දමින් යාපනය නගරයේදී පසුගියදා පැවැත්වුනා. සිලෝන් තියටර්ස් සහ Agenda 14 එක්ව මේ සිනමා උළෙල සංවිධාන කොට තිබුණා.

61

සැප්තැම්බර් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දින පහක් පුරා මේ සිනමා උළෙල යාපනය ශාලා පහකදී තිරගත කෙරුණා. යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශාලාව, මැජෙස්ටික් සිනේෆ්ලෙක්ස් ශාලාව, HNB මෙට්‍රෝ ශාඛා ශ්‍රවණාගාරය, British Council යාපනය ශ්‍රවණාගාරය, ඇමරිකානු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරය යන ස්ථාන පහකදී සිනමාපට ප්‍රදර්ශනය සිදුවුනා.

IF5A2267

දේශීය සිනමාපට කිහිපයක් මෙන්ම ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, චීනය, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ආදී රටවල් රැසක නිර්මාණ සිනමා උළෙලේදී තිරගත කෙරුනා.

IF5A2271

උළෙල අවසාන කෙරුනේ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ සංජිව පුෂ්පකුමාර නිර්මාණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය සමගින්. චිත්‍රපට පිලිබඳ විදෙස් සිනමාවේදීන් සමග පැවැත්වුණු සාකච්ඡා සහ සිනමා වැඩමුළු වලිනුත් යාපනය සිනමා උළෙල සමන්විත වුනා.

Share

88 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.