රංගවේදී මනෝරත්නට දැන් සුවයි

Avatar Nisanka Weheraduwa | November 27, 2018 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න අසනීප වුනු පුවතක් පසුගියදා කලා ලෝකයම කම්පාවට පත්කලා. ඒ පුවතින් කියවුනේ චිත්‍රපට රූගත කිරීමක් අතරතුර මනෝරත්නයන් අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි. මේ පුවත සමග මනෝරත්නයන්ට ආදරය කරන බොහෝ රසික පිරිසක් කම්පාවට පත්ව මේ ගැන තොරතුරු සොයා බලන්න වුනා.

කෙසේ නමුත් රංගවේදී මනෝරත්න, හදිසි අසනීප තත්වය නිසා රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගත්තා. මේ වනවිට ඔහු සම්පුර්ණයෙන් යථා තත්වයට පත්ව ඇති බවත් සඳහන් වනවා. නමුත් වෛද්‍ය උපදෙස්වී තිබෙන්නේ විවේක ගන්නා ලෙස. ඒ නිසාම ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදක්වන බවත්, ඔහු හමුවීමට අමුත්තන්ට නොහැකි බවත් පැවසෙනවා. කෙසේ නමුත් මනෝරත්න මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වනවා. ඔහු රංගනයෙන් දායක වීමට එකඟවී තිබු නිර්මාණ කිහිපයක්ම මේ වනවිට රූගතකළ කිරීම් කල්දමා ඇති බවත් සඳහන්.

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.