රතු පලස්, සාද, කතාබහ නැති Golden Globes 2021

Avatar Nisanka Weheraduwa | March 8, 2021 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

සටහන : කවිනු වීරක්කොඩි

Golden Globes සිනමා උළෙල හැඳින්වෙන්නේ ලෝකයේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක් වශයෙනුයි. 1944 වසරේ සිට මේ දක්වාම, සිනමාවේ සහ ටෙලිවිෂනයේ විශිෂ්ටතම නිර්මාණ Golden Globes උළෙලේදී වාර්ෂිකව සම්මානයට පාත්‍ර වනවා. පසුගිය පෙබරවාරි 28 වනදා පැවැත්වූයේ 78වන Golden Globes සම්මාන රාත්‍රියයි.

නමුත්, මෙවර සම්මාන උළෙලේදී රතු පලස්, නළු නිළි විලාසිතා, නළු නිළියන්ගේ රසවත් කතාබස්මේ, කිසි දෙයක් දකින්නට ලැබුණේ නැහැ.  COVID-19 වසංගත තත්වය හේතුවෙන් මෙවර සම්මාන උත්සවය පැවැත්වුණේ Virtual ආකාරයටයි. එසේම පසුගිය වසරට වඩා සැලකිය යුතු නරඹන්නන් ප්‍රතිශතයක අඩුවීමක්ද මෙවර දක්නට ලැබුණා. මෙම බාධක සියල්ලම මධ්‍යයේ පැවැත්වුණු 78වන Golden Globes උළෙලේ සම්මාන බෙදී ගියේ මේ ආකාරයටයි.

Drama කාණ්ඩයේ හොඳම සිනමාපටය ලෙස Nomadland චිත්‍රපටය මෙවර සම්මානය දිනා ගත්තා. නිර්දේශ 4කින් සම්මාන 2ක්ම සතු කරගැනීමට ඔවුන් සමත් වුණා. සිනමාපට රංගනය (Drama) වෙනුවෙන් හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත්තේ Chadwick Bosemanය. පිළිකා තත්වයක් නිසා මාස කිහිපයකට පෙර මිය ගිය ඔහු, මෑතකාලීනව වැඩියෙන්ම ජනප්‍රිය වූයේ Black Panther චිත්‍රපටය හරහායි. චැඩ්වික් බොස්මන්ට හොඳට නළුවාට හිමි සම්මානය ලැබුණේ Ma Rainey’s Black Bottom චිත්‍රපටයේ රංගනය මුල් කරගෙනයි.

එම කාණ්ඩය යටතේ හොඳම නිළියගේ සම්මානයෙන් පිදුම් ලැබුයේ Andra Day ශිල්පිනියයි. The United States vs. Billie Holiday සිනමාපටයේ ඉදිරිපත් කළ රංගනය මත ඇය මෙම සම්මානය ලබා ගත්තා. සිනමාපට රංගනය (Musical or Comedy) වෙනුවෙන් හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත්තේ Sacha Baron Cohenය. ඒ පසුගිය ඇමරිකානු මැතිවරණ සමයේදී උණුසුම් කතාබහක් ඇති කළ Borat: Subsequent MovieFilm චිත්‍රපටය වෙනුවෙනුයි. විශේෂත්වය වන්නේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් උළෙලෙදී Musical or Comedy කැටගරියේ හොඳම සිනමාපටය වූයේද මෙම Borat: Subsequent MovieFilm විත්‍රපටයම වීමයි.

හොඳම සිනමාපට අධ්‍යක්ෂණය වෙනුවෙන් Nomadland සිනමාපටයේ Chloe Zharo සම්මාන ලබද්දි හොඳම තිර පිටපතට හිමි සම්මානය ලබා ගත්තේ The Trail of the Chicago 7 චිත්‍රපටය රචනා කළ Aaron Sorkin විසින්. චිත්‍රපටයක ඉදිරිපත් කළ හොඳම සහය රංගනය වෙනුවෙන් 2021 වසරේදී Golden Globes  සම්මානයෙන් පිදුම් ලැබූයේ Daniel Kaluuya. මෙය ඔහුගේ පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය වීම විශේෂත්වයක්. කතාමාලාවක ඉදිරිපත් කළ හොඳම සහය රංගනය වෙනුවෙන් සම්මාන ලැබූ John Boyega ද පසුගිය 28වනදා හිමි කරගත්තේ ඔහුගේත් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයයි.

පසුගියදා පැවති මෙම සම්මාන රාත්‍රියේදී හොඳම ටෙලි කතාමාලාවට හිමි සම්මානය ලබා ගැනීමට Netflix තුළින් විකාශනය වුණු The Crown කතා මාලාව සමත් වුණා. 2020 වසරේ ටෙලි කතාමාලාවක දක්නට ලැබුණු රංගනය උදෙසා, හොඳම නලුවා සහ හොඳම නිළියගේ සම්මාන ලබා ගත්තේද The Crown කතාමාලාවේ රඟ පෑ Josh O’Connor හා Emma Corrin විසින්. Best Supporting Actress (හොඳම සහය රංගන ශිල්පිනිය) වූයේද මෙහි රඟ පෑ Gillian Anderson ශිල්පිනියයි.

මෙසේ 2020 ගෝල්ඩන් ග්ලෝබ්ස් උළෙලේදි Television Series අංශයෙන් ප්‍රමුඛස්ථානය ලබා ගැනීමට The Crown කතා මාලාව සමත් වුනා. Limited Series කැටගරියේ හොඳම සීමිත කතාමාලාව වූයේ The Queens Gambit වන අතර එය ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද ලොකු කතාබහක් ඇති කළ නිර්මාණයක්. I know This Much is True සඳහා සීමිත කතාමාලාවක හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගැනීමට  Mark Ruffalo සමත් වුණා. Avengers සිනමා විශ්වයේ Hulkගේ චරිතය තුළින් අපට වඩාත් සමීප වුණු මාක් රෆෙලෝගේ පළමු ගෝලඩන් ග්ලෝබ් සම්මානය වන්නේ මෙය බවත් පැවසෙනවා.

විශිෂ්ටතම Animated සිනමාපටය බවට පත් වුණු Soul චිත්‍රපටය, හොඳම පසුබිම් සංගීතයට හිමි සම්මානයත් ජයග්‍රහණය කළා. හොඳම විදේශ භාෂා චිත්‍රපටය වූයේ Minariයි. පසුගිය පෙබරවාරි 28වනදා පැවැත්වුණු Golden Globes උළෙලේ ප්‍රධාන සම්මාන කිහිපය බෙදී ගියේ මේ ආකාරයටයි. Golden Globes විකිපීඩියා පිටුව හරහා ඔබට සම්පූර්ණ සම්මාන ලැයිස්තුව සහ නිර්දේශිත නිර්මාණ ලැයිස්තුව සොයා ගත හැකියි.

Share

36 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.