රධිකා සහ දේව් පටේල් අන්තර්ජාලය කළඹයි

Avatar Nisanka Weheraduwa | July 18, 2019 128 Views 0 Likes 0 Ratings

128 Views 0 Ratings Rate it

Radhika Apte කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වගේම කෙටි චිත්‍රපට හරහාත් ඇය තමන්ගේ රංගන හැකියාව පෙන්වා තිබෙනවා. ඒ වගේම, ඉන්දීය සිනමාවේ රධිකා ප්‍රසිද්ධ වෙන අනික් කාරණය තමයි ඇගේ නිර්භීත බව. ඕනෑම අභියෝගාත්මක චරිතයක් නොබියව බාරගන්නා ශිල්පිනියක් විදිහටත් රධිකා බොහෝ අධ්‍යක්ෂවරුන් අතර ප්‍රසිද්ධයි. මීට අවුරුදු කිහියකට කලින් රධිකා ගැන අන්තර්ජාලය පුරා පැතිරගිය සිදුවීමක් තිබුනා. ඇය Parrched චිත්‍රපටය වෙනුවෙන් රඟපෑ නිරුවත් දර්ශන මීට හේතු වුනා.

නමුත් මෙවර නැවත වතාවක් රධිකා ගැන කතාබහ ඇතිව තිබෙනවා. ඒ ඇගේ පළමු හොලිවුඩ් චිත්‍රපට නිර්මාණය වන, The Wedding Guest චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ Dev Patel සමග ඇය රංගනයේ යෙදුනු සරාගී දර්ශන අන්තර්ජාලයට නිකුත් වීමත් එක්ක රධිකා ගැන ඉන්දීය සිනමාවේ නැවත කතාබහක් ඇතිවෙලා.

මේ කතාබහ එක්ක රධිකා ප්‍රේමය, ආදරය වගේ මාතෘකා ගැන ඇගේ මතවාදය විවෘතව ප්‍රකාශ කරලා තිබුනා. ඇය කියන විදිහට එකවර බොහෝ දෙනෙකුට ආදරය කිරීම ඇගේ ක්‍රමය වනවා. විවිධ ක්‍රම වලට විවිධ සිදුවීම් හේතුවෙන් මේ ආදරය ඇතිවෙන්න හැකි බවත් ඇය පවසා තිබෙනවා. පොලම්බවන්නකු වීම, වරදෙහි පෙළඹීම කියන්නේ සාමාන්‍ය කාරණයක් බවත්, එය නිළියක් වීම හෝ නොවීම මත තීරණය නොවන බවත් රධිකා පවසා තිබෙනවා. රාධිකාගේ වචන වලින්ම ඇගේ අදහස මෙහෙමයි.

“In life, you meet so many people and there are so many wonderful people and you get tempted. Sometimes it’s a physical attraction, sometimes it’s just admiration and that can be very potent also and I think that’s beautiful. Why would you not address that aspect of your life?”

 

Share

128 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.