රධිකා සහ සායිෆ් BAAZAAR සමගින් ඔක්තෝබරයේ

Avatar Nisanka Weheraduwa | October 16, 2018 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

හින්දි සිනමාව නැත්නම් බොලිවුඩ් සිනමාවට ඔක්තෝබරය වර්ණවත් මාසයක්. බලාපොරොත්තු තැබිය හැකි මට්ටමේ වාණිජ සහ වාණිජ නොවන ශානරයන්ගේ චිත්‍රපට කිහිපයක්ම මේ මාසය තුළ තිරගත කෙරෙනවා. මේ තවත් එවැනි චිත්‍රපටයක් ගැන තොරතුරු. චිත්‍රපටයේ නම Baazaar. මේ චිත්‍රපටය ගැන අන්තර්ජාලය තොරතුරු වාර්තා කරන්නේ Business crime drama film කියන ශානරයක් යටතේ. චිත්‍රපටයේ කතා තේමාව නිසා එවැනි වර්ගීකරණයකට ලක්කළා විය හැකියි.

Gauravv K. Chawla මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනවා. චිත්‍රපටයේ තිර රචනය Nikkil Advaniගෙන්. ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වුනු Salaam-e-eshq, Patiala House, Delhi Safari, D-Day වගේ චිත්‍රපට වල තිර රචකයා වුනෙත් ඔහුමයි. මේ දෙදෙනාගේ සංයෝගයෙන් නිර්මාණය වන Baazaar චිත්‍රපටයට ප්‍රධාන චරිත රංගනයෙන් එක්වන්නේ Saif Ali Khan. ඔහු රංගනයේ යෙදෙන්නේ Shakun Kothari කියන චරිතය. ඔහු ශූර ව්‍යාපාරිකයෙක්. Rohan Mehra මේ චිත්‍රපටයේ තරුණ ව්‍යවසායකයෙක් වන Rizwan Ahmed ගේ චරිතය රඟපානවා. Radika Apte මේ චිත්‍රපටයේ Priya Malhotra ලෙස චරිත මවනවා. ඊට අමතරව Chitrangda Singh, Saurabh Shukla, Anupriya Goenka ඇතුළු පිරිසක් රංගනයෙන් එක වනවා.

මේ වනවිට චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරණ කටයුතු ආරම්භ කොට අවසන්. ඔක්තෝබර් 26 වැනි සිකුරාදා චිත්‍රපටයේ මංගල දර්ශය පැවැත්වීමෙන් ලොව පුරා මෙහි ප්‍රදර්ශන කටයුතු ආරම්භ වනවා. සිනමාලෝලීන් වඩාත් ආකර්ෂණය කරගැනීමට චිත්‍රපටයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පල කෙරෙනවා.

 

Share

40 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.