Sri Lanka's Best Cinema Portal

 

රසිකයින්ට සහෝදරයා වූ සිනමා නළුවා – ජෙගන් ගනේෂන් ලියයි

0
Posted December 5, 2018 by Nisanka Weheraduwa in BOOK OF CINEMA
vijay

සටහන : ජෙගන් ගනේෂන්

**************************************************************************

සාමාන්‍යයෙන් දමිළ සිනමා රසිකයන් කියන්නේ අමුතුම පිරිසක්. එහි වින්දනය ලබන්න අනිවාර්යයෙන්ම චිත්‍රපටිශාලාවකට ගොස් දමිළ චිත්‍රපටියක් බැලිය යුතුමය. නමුත් චිත්‍රපටිය තිරගත කරන පළමු දිනම පෝලීමේ තෙරපී දහදිය පෙරාගෙන ගොස් ටිකට්ටුවක් අරන් චිත්‍රපටියක් බලන්නේ නම් වඩාත් හොඳය. නමුත් ඔබට නැවත වතාවක් චිත්‍රපටිය බැලීමට සිදුවේවී කතාව තේරුම් ගැනීමට නම්, මා පෙර දී කියු පරිද ඔහුන්ට යම් නළුවෙක් හිත ඇල්ලුවේ නම් ඔහුට දේවත්වයෙන් සලකන්නට පටන් ගනියි. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ජයග්‍රහණය නිශ්චිතයි. ඉන් පසු ඔවුන් රටට හොඳ සේවාවක් ලබා දෙනවා (ලංකාවේ නළුවන් පාර්ලිමේන්තුවට ගියාම කරන්නේ ගොන් වැඩ විතරයි ) තමන්ගේ නළුවාට විවිධ නම්වලින් හඳුන්වන්නට ආරම්භ කරනවා. සිවාජි – නඩිගර් තිලගම් (රංගනයේ තිලකය) එම්.ජී.ආර් – පුරච්චි තලෛවර් (විප්ලවවාදීයා) රජිනි – තලෛවා (නායකයා) කමල් – උලගනායගන් (ලොව පාලනය කරන්නා) විජෙයි – තලපති (සේනාධිපති) අජිත් – තල (ලොක්කා) වැනි අයුරින් ආමන්ත්‍රණය කරන්නට පටන් ගනියි. නමුත් මේ සියලු ආමන්ත්‍රණයෙන් සිදු වන්නේ තමන්ට වඩා උසස් තැනකට එම නළුවාව රැගෙන යාමයි. නමුත් මෙම රසිකයා එක් නළුවෙකුට පමණක් සහෝදරයා (අයියා) යැයි ආමන්ත්‍රණය කරනවා. ඒ වෙන කවුරුවත් නොවේ විජය සේදුපති.

තිදරු දෙමාපියන්ට දාව උපදින ඔහු, කුඩා කල දැඩි අගහිගකම්වලට මුහුණ දෙනවා. කාලයක් ගෙවි යද්දි ඔවුන් චෙන්නෛවලට පැමිණෙන සේදුපති, ඒ තරම් ඉගෙනීමට දක්ෂ සිසුවෙක් නොවීය, ක්‍රීඩාවට හෝ අනෙකුත් ක්‍රියාකරම්වලට සහභාගී නොවිය. තම ඉගෙනීම් කටයුතු කරගෙන යන අතරතුර ස්ථාන කිහිපයකම අර්ධ කාලීන රැකියාවල නිතර වන්නට විය. කෙසේ හෝ උපාධිය අවසන් කරන ඔහු විදේශ ගත වන්නේ නිවසේ තිබු අගහිගකම් නැති කිරීමේ අරමුණ ද ඇතිවයි. එහි රැකියාව කරමින් සිටින කාලයේ දී සේදුපතිට ඔන්ලයින් හරහා ජෙසිගේ ආදරය ලැබෙනවා. තමන් කරමින් සිටින රස්සාවේ ඇති වූ කලකිරීමත් සමග නැවතත් 2003 වසරේ දී චෙන්නෛවලට පැමිණෙන ඔහු තමන්ගේ පෙම්වතිය විවාහ කරගන්නවා. ඉන්පසුව ඔහු චෙන්නෛහී රැකියාවක් කරමින් සිටිය දී ඔහු දකිනවා නාට්‍ය කණ්ඩායමකට නළුවන් අවශ්‍යයි කියලා ඔහු ද එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවත් එහි දී ඔහුව බඳවා ගන්නේ ගිණුම්කරුවෙක් හැටියට (ආන්ඩවන් කට්ටලෛ චිත්‍රපටියෙත් මේ සිද්ධිය ඇතුළත් කර තිබුණා). තම උත්සහය අතනොහැර නිතරම චිත්‍රපටියකට සම්බන්ධවීමට අවුරුදු ගණනක් උත්සහා කළා මේ අතර ඔහුට ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට විශේෂයෙන් කාර්තික් සුබ්රාජ්ගේ කෙටි චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් කරන්නට පටන් ගත්තා නමුත් මේවායින් ලැබෙන ආදායම ගෙදර වියදමට මදි විය. කෙසේ හෝ බිරිද සමග කතා කර එකගත්වකයට පැමිණෙන විජය සේදුපති තව අවුරුද්දක් විතරක් උත්සහා කරලා චිත්‍රපටි අවස්ථාවක් ලැබුණේ නැත්නම් නැවතත් ඩුබායිවලට යන්න තීරණය කරනවා.

2006 වසරේ දී සෙල්වරාගවන් විසින් අධ්‍යක්ෂණය කරන පුදුපේට්ටෛ චිත්‍රපටියට අදාළ සම්මුඛ පරීක්ෂණයේ දී ඔහුව තෝරාගන්නවා. එහි ප්‍රධාන නළුවා දනුෂ්ය. ඒ චිත්‍රපටියේ ඔහුට කිසිදු දෙබසක් තිබි නොමැත. නමුත් වාසනාවකට මෙන් වෙනත් කෙනෙකු කියන්නට තිබු දෙබස දනුෂ්ගේ අසලම සිටි නිසා ඔහුට කියන්නට ලැබුණා කියලයි සේදුපති නිතරම කියන්නේ. ඉන් පසුව ලී, නාන් මහාන්අල්ල, වෙන්නිලා කබඩිකුළු වැනි චිත්‍රපටිවල කුඩා චරිත කරමින් සිටින විජයසේදුපති ප්‍රධාන නළුවෙක් විදිහට ජනතාව අතරට පැමිණෙන්නේ තෙන්මේර්කු පරුවකාට්රු චිත්‍රපටියෙන්. 2013 වසරේ තිරගත වන සුන්දරපාණ්ඩියන් චිත්‍රපටියේ දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරමින් ඉන් පසුව ඉන් පසුව එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් තමන් හොඳ නළුවෙක් යැයි හැමෝටම ඔප්පු කර පෙන්නු ඔහු අද අනාගත දමිළ සිනමාව තමාගේ යටතට ගන්නත් සූදානමින් සිටිනවා.

මේ වනවිට ඔහු දිනා ඇති සම්මාන සංඛ්‍යාව අතිවිශාලය. සේදුපති රංගනය හැර ගීත රචනය, ගායනය, දෙබස් රචනය හා චිත්‍රපටි නිෂ්පාදනය යන අංගයන්වල මේ වෙද්දි කටයුතු කරමින් සිටිනවා. කාර්තික් සුබ්රාජ්ගේ මීළග චිත්‍රපටිය සුපර් ස්ටාර් රජිනිකාන්ත සමගයි එහි දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරන්නේ ද විජයසේදුපතියි. තවද මෙමස ඔහුගේ නවතම චිත්‍රපටියක් තිරගත වීමට නියමිතයි.

දෙදරු පියෙකු වන සේදුපති තම පුතාට සූර්යා යැයි නම් තබා ඇත්තේ පාසැල් වියේදී මිය ගිය තම යාළුවාව සිහි කිරීමටයි. සූර්යා නානුම් රවුඩිතාන් චිත්‍රපටියේ දී හඳුන්වා දෙනු ලැබුවා.

උත්සහය හා කැපවීම තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට ජය ගන්න පුළුවන් යැයි නිතරම විජය සේදුපති පවසන්නේ තම අත්දැකීම් සමගයි.

සටහන : ජෙගන් ගනේෂන්

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2