රාණි මුඛර්ජිට Tourette Syndrome නම් රෝගයක් වැළඳෙයි…….??

Avatar Nisanka Weheraduwa | December 27, 2017 1 View 0 Likes 0 Ratings

1 View 0 Ratings Rate it

බොලිවුඩ් නිළි රාණි මුඛර්ජි රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණය එළඹෙන පෙබරවාරියේ නිකුත් කිරීමට සුදානම්. Hichki නමින් නම්කොට ඇති මේ අපුරු සිනමාපටය Front of the class නමින් 2008 වර්ෂයේ නිර්මාණය වුනු සිනමාපටයම පදනම් කරගනිමින් නිර්මාණය වූවක්. Sidharth Malhotra විසින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. භාහිර පෙනුම් හෝ භෞතික සාධක මත මිනිසුන්ගේ ක්‍රියාවන් පිලිබඳ  පූර්ව නිගමනයන්ට එළඹිය හැකිද යන සංකීර්ණ කරුණක් මේ හරහා සංවාදයට ගැනෙන බව බොලිවුඩ් විචාරක අදහස් අතර තිබෙන එක මතයක්. කෙසේ නමුත් පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී සතියක් ඇතුලත එය නැරඹු ප්‍රමාණය මිලියන 22කට අධික බව පැවසෙනවා. බොලිවුඩ් පුරයට නිර්මාණය වුනු කලාත්මක වගේම ආන්දෝලනාත්මක සිනමාපටයක් බවට Hichki පත්වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.

Share

1 View 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.