ලංකාවේ රූගත කරන්නට ගිය Ram-Setu, ඉන්දියාවේම රූගත කෙරේ.

Avatar Nisanka Weheraduwa | November 21, 2021 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

බොලිවුඩයේ සිටින ප්‍රධාන ධාරාවේ නළු නිළියන් අතුරින් කාර්යබහුලම රංගන ශිල්පියා Akshay Kumar යයි  හැඳින්විය හැකියි. ඒ වගේම වසරකට වැඩිම චිත්‍රපට ගණනක රංගනයයෙන් දායක වෙන්නේත් Akshay Kumar බවත් පැවසෙනවා. මුල සිටම වසරකට චිත්‍රපට විශාල ගණනක රංගනයෙන් දායක වුණත් ආක්ෂේගේ නිර්මාණ එකදිගට සාර්ථක වන්නට පටන් ගත්තේ දැනට වසර කිහිපයකට පෙරදියි. 2018 වසරේ සිට ආක්ෂේ රඟපෑ නිර්මාණ සියල්ලම පාහේ ඉන්දියානු කෝටි 200 සීමාවට ළං වෙන්නට සමත් වූ අතරම  Housefull 4, Mission Mangal සහ Good Newwz චිත්‍රපට තුනම ඉන්දීය කෝටි 300 සීමාව දක්වාත් පැමිණියා.

ආක්ෂේ කුමාර් රඟපෑ චිත්‍රපට මෙසේ සාර්ථකත්වයට පත් වන විට ඔහුගේ ඉල්ලුම තවත් ඉහළ ගියා. බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින් තමන්ගේ නිර්මාණ සඳහා ආක්ෂේව යොදාගන්නට පෙළඹුනා. ඒ තත්වය මත මේ වන විටත් ඔහුගේ upcoming සිනමාපට 06කට අධික ප්‍රමාණයක ලැයිස්තුවක් තිබෙන බව සඳහන්.

Atrangi Re

Prithviraj

Bachchan Pandey

Raksha Bandan

Ram Setu

OMG 2

කෝවිඩ් තත්වය මත අදා;අ වූ හින්දි සිනමාවට යළිත් ප්‍රේක්ෂකයින් පුරවමින් ආක්ෂේගේ Sooryavanshi චිත්‍රපටය මේ වන විටත් ලොව පුරා සිනමාශාලාවල සාර්ථකව තිරගත වෙමින් පවතිනවා. Atrangi Re චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වූ වහාම ආක්ෂේ සම්බන්ධ වුණේ Ram Setu චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලටයි. සති ගණනක් එකදිගට එහි රූපගත කිරීම් සිදු වුණත් ඉන්දියාවට බලපෑ කෝවිඩ් තත්වය නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතරමඟ නතර කරන්නට නිෂ්පාදක මණ්ඩලයට සිදු වුනා. එම අර්බුදකාරී තත්වයන් මඟ හරවා ගනිමින් කෙසේ හෝ රූපගත කිරීම් යළි අරඹන්නට ඔවුන්ට හැකි වුණත්, පෙර තීරණය කර තිබුණු දර්ශන තල කිහිපයක්ම වෙනස් කරන්නට ඔවුන්ට සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම Ram Setu ක්‍රියාදාම දර්ශන සිදු කරන්නට නිෂ්පාදකයින් සැලසුම් කර තිබුණත් දැනට පවතින තත්වය මත එය වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ රූපගත කරන්නට සැලසුම් කර තිබුණේ දිගු කාලයක් ගතවෙන- චිත්‍රපටයේ අතිශය වැදගත් සිදුවීම් පෙළක් බව Entertainment news වෙබ් අඩවිය වාර්තා කර තිබුනා. Akshay Kumar, Jacqueline Fernandez සහ Nushrratt Bharuccha ඇතුළු ප්‍රධාන නළු නිළියන් සියලු දෙනාම මෙම දර්ශන කිහිපයේ දැකගන්නට ලැබෙන බවත් ඔවුන් වැඩිදුරට පවසනවා.

කෝවිඩ් නීති-රීති නිසා නළු නිළියන් සමගින් ලංකාවට පැමිණීම අවදානම් සහගත බව ප්‍රකාශ කරන Ram Setu කණ්ඩායම ඒ වෙනුවට ඉන්දියාවේම නරගයක් තෝරා ගෙන තිබෙනවා. ඒ ගුජරාටයට ආසන්න “ධමාන්” ප්‍රදේශයයි. ශ්‍රී ලංකාවේ රූපගත කිරීමට තිබූ වැදගත් දර්ශන සියල්ලම දැන් සිදු වන්නේ ධමාන් නගරය ආශ්‍රිතවයි. කෙසේහෝ 2021 වසර අවසන් වන්නට පෙර වැඩ කටයුතු නිමා කරන්නට ඔවුන් බලාපොරොත්තු වනවා. Ram Setu පමණක් නොවේ, පසුගිය දිනවලදී ගුජරාටයේ Daman සහ Diu ප්‍රදේශ ආශ්‍රිතව ඉන්දියානු චිත්‍රපට ගණනාවක් රූපගත කිරීම් සිදු කළා.

Abhishek Sharma අධ්‍යක්ෂණය කරන 07 වැනි චිත්‍රපටය වන Ram Setu සංගීතවත් කරන්නේ Ajay Atul විසිනුයි. එකිනෙකට වෙනස් කතා තේමා ඔස්සේ නිර්මාණ කටයුතුවල යෙදෙන අධ්‍යක්ෂකවරයෙකු විදිහට Abhishek Sharmaව ප්‍රසිද්ධ වුනත් ඔහුගේ පෙර නිර්මාණ සියල්ලම ආදායම් අතින් පාඩු ලැබුවා. විශාල ප්‍රචාරණයක් ලබා දෙමින් තිරගත කළ The Zoya Factor චිත්‍රපටය පවා ආදායම් අතින් අතිශය අසාර්ථකයි. නමුත් ආක්ෂේ කුමාර් වැනි ප්‍රබල නළුවෙක සමඟ සිදු කරන මේ නිර්මාණය Abhishek Sharmaගේ comeback movie එක වේවි යැයි රසිකයින් ඉඟි පළ කරනවා. Amazon Prime Video ආයතනය සම-නිෂ්පාදනයෙන් එක්වන පළමු ඉන්දියානු චිත්‍රපටය ලෙස හැඳින්වෙන්නේත් මෙයයි. Akshay Kumar සහ Jacqueline Fernandez ප්‍රධාන රංගනයෙන් ද Satyadev Kancharana, Nushrratt Bharuccha, Nassar M ඇතුළු ශිල්පීන් බොහෝමයක් උප ප්‍රධාන රංගනයෙන් ද දායක වීමට නියමිතයි.

Share

35 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.