ලාංකීය නිළියක ප්‍රධාන චරිතය රැගූ කොලිවුඩ් චිත්‍රපටයේ මංගල දැක්ම.
152 Views
0
Ratings
Rate it
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි.
*රවීන්ද්ර රන්දෙණිය, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, ලාල් වීරසිංහ, දර්ෂන් ත්යාගරාජා, ලොස්ලියා මරියනේෂන් ආදී ශ්රී ලාංකික නළු නිළියන් විවිධ භාෂාවන්ට යටත්ව රැගූ ඉන්දීය චිත්රපට හයක් එළෙඹෙන මාස 24 තුළ තිරගත කිරීමට සැලසුම් සකස් වෙද්දී,
*ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලී රගන ඉන්දියානු මලයාලම් චිත්රපටයේ අවසන් රූපගත කිරීම් නිමකිරීමට සැලසුම් සකස් වෙද්දී,
*දර්ෂන් ත්යාගරාජා සහ ලොස්ලියා මරියනේෂන් රගන දෙවන කොලිවුඩ් චිත්රපටයේ රූපගතකිරීම් සිදුවද්දී,
තවත් ශ්රී ලාංකීය නිළියක ප්රධාන කාන්තා චරිතයට පණපෙවූ ඉන්දීය චිත්රපටයක මංගල ප්රදර්ශනය පෙබරවාරි 28 වැනිදා සිදුකෙරිණ.
*එලෙසින් පෙබරවාරි 28 වැනිදා ස්ටාර් විජේ රූපවාහිනි නාලිකාව (STAR VIJAY TELEVISION) හරහා මුදාහරින ඒලේ (Aelay) නම් ඉන්දියානු කොලිවුඩ් චිත්රපටයේ ප්රධාන කාන්තා චරිතයට පනපොවන ඇය නමින් මධුමතී පද්මනාදන් (Madhumathi Pathmanathan).
*ත්රිකුණාමලේ ශ්රී ශන්මුග හින්දු කාන්තා විද්යාලයේ සහ කොළඹ “British College of Applied Studies” හි අධ්යාපනය ලැබූ මදුමතී “වසන්තම් ටී.වී” නාලිකාවේ හිටපු නිවේදිකාවකි.
*ජනප්‍රිය කොලිවුඩ් චිත්රපට අධ්යක්ෂිකා හලිතා ශමීම් (Halitha Shameem) අධ්යක්ෂණය කළ “Aelay” චිත්රපටය පසුගිය පෙබරවාරි 12 වෙනිදා සිට ඉන්දියාවේ සිනමාශාලා තුළ තිරගත කිරීමට නියමිතව තිබුණද, සිනමාශාලා සම්බන්ධව ඉදිරිපත් වූ අනපේක්ෂිත රෙගුලාසි නිසාවෙන් සිනමාශාලා තුළ චිත්රපටය තිරගතවීම අත්හැර දැමීමට නිෂ්පාදක පාර්ශවය තීරණය කළේය.
# ශ්රී ලාංකේය නිළි මධුමතී පද්මනාදන් සමග දකුණු ඉන්දීය ජනප්රිය නළු සමුත්රකනි සහ මනිකන්දන් මෙහි ප්රධාන චරිත රඟති.


152 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa