ලාංකීය සිනමාවට ප්‍රාණයක්..! පූර්ව ප්‍රචාරකපටය නරඹන්න
ශ්‍යාම් ප්‍රනාන්දු, නිරංජනී ශන්මුගරාජා සමඟින් දර්ශන් ධර්මරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය මෙරට ඵෙතිහාසික සිද්ධි මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. මන්නාරම් ජන සංහාරය ඇතුළු පෘතුග්‍රීසි සමයේදී මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ මෙය ළඟදීම දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතයි.
ක්‍රි.ව. 1505න් පසු ඇරඹි පෘතුග්‍රීසි සමයදී මන්නාරම් තෝට්ටෙයිවේලි ප්‍රදේශයේ ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දැමූ ‘මන්නාරම් සංහාරය’ ප්‍රාණ චිත්‍රපටයට පාදක වී ඇතැයි සඳහන් වනවා. තම රජයට විරුද්ධව කැරළි ගසාවි යන භීතිය හේතු කරගෙන සංකිලි රජුගේ අණින් සිදු වූ මෙම ජන සංහාරය මන්නාරමේ වැසියන්ට බලපෑ ආකාරයත්, බලලෝභී රාජ්‍ය පාලකයාගෙන් ගැලවීම සඳහා ඔවුන් ගත් උත්සාහයත් ප්‍රාණ (SEEDS) චිත්‍රපටයෙන් දැකගන්නට හැකියි.
රෝස කැලේ (2008), ජූලි හතයි (2016) ආදී චිත්‍රපටවලට පසුව සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන පස්වැනි සිනමා නිර්මාණය වන්නේ ප්‍රාණ (SEEDS) බව සඳහන් වනවා. මීට අමතරව සිහින වසන්තයක් සහ එමී වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක්ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා.
පසුගිය ජනවාරි 30 වනදා මන්නාරමේ තෝට්ටවේලි හිදි මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ඇරඹි අතර නුදුරු දිනකදීම ලංකාව පුරා සිනමාහල්වලට චිත්‍රපටය නිකුත් කරන්නට සූදානම් බවත් නිෂ්පාදකවරුන් පවසනවා. ලාංකීය චිත්‍රපටයක් ලෙස සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත වීමත් මෙහි විශේෂත්වයක්.
පහත සබැඳියෙන් ඔබට මෙම චිත්‍රපටයේ නිළ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට හැකියාව තිබෙනවා.
ප්‍රාණ (SEEDS) සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා ට්‍රේ හික්ස්, නිරංජනී ශන්මුගරාජා, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජා එක්ව සිටින අතර කින්ග් රත්නම්, නීටා ප්‍රනාන්දු, සෙනේෂ් දිසානායක, රොබට් සියේරා, දිනේෂ් සිල්වා, වගීෂා සල්ගාදු, කල්ප මුණසිංහ ඇතුළු රංගන ශීල්පීන් පිරිසක් සහාය රංගනයෙන් සම්බන්ධ වනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ ද සංජය නිර්මාල් විසිනුයි.
ස්ට්‍රයිනර් ඇඩම්ස් කැමරා අධ්‍යක්ෂණය සිදු කළ මෙහි සංස්කරණය ශාන් අල්විස් විසින් සිදුකොට තිබෙනවා. චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වී තිබෙන්නේ නදීක ගුරුගේ යි. සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන් හා ශබ්ද ප්‍රයෝග නිර්මාණයෙන් ශෂේන් ගිම්හාන එක්ව තිබෙනවා. VFX නිර්මාණය බුද්ධික විජේරත්න සහ සමින්ද වටවනවිතානගේයි. මෙහි කලා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙන්නේ ධම්මික හේවාදුන්න විසිනුයි.
ප්‍රාණ, ජානක පෙරේරාගේ නිෂ්පාදනයක්!
ප්‍රාණ (SEEDS)
අධ්‍යක්ෂණය සහ තිර රචනය: සංජය නිර්මාල්
නිෂ්පාදනය: ජානක පෙරේරා
රංගනය : ට්‍රේ හික්ස්, නිරංජනී ශන්මුගරාජා, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජා, නීටා ප්‍රනාන්දු, සෙනේෂ් දිසානායක, රොබට් සියේරා, දිනේෂ් සිල්වා, වගීෂා සල්ගාදු, කල්ප මුණසිංහ
විධායක නිෂ්පාදක: ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා
නිෂ්පාදන නිර්මාණ: සුනෙත් මාලිංග ලොකුහේවා
ඡායාරූප අධ්‍යක්ෂක: ස්ට්‍රයිනර් ඇඩම්ස්
සංස්කාරක: ශාන් අල්විස්
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණ: ධම්මික හේවාදුවත්ත
සහය අධ්‍යක්ෂණය: ප්‍රියන්ත සමරකෝන්
සංගීත අධ්‍යක්ෂණය: නදීක ගුරුගේ
නිෂ්පාදන සම්බන්ධීකාරක: ඇන්තනි නිශාන් පියතුමා සහ රන්ජන් ප්‍රසන්න
නිෂ්පාදන කළමනාකරු: ගයාන් කෝසල ප්‍රනාන්දු
වේශ නිරූපණ ශිල්පියා: බුවනෙක රණවක
කොණ්ඩා සැකසුම්: මයංග බණ්ඩාරගේ
නිශ්චල ඡායාරූප සහ වීඩියෝ: ඉන්දික මල්ලවාරච්චි
නිෂ්පාදන සම්බන්ධීකරණය මන්නාරම: ලක්ස්ටන් ද සිල්වා ගරු පියතුමා
ශබ්ද ප්‍රයෝග සහ ශබ්ද නිර්මාණය: ශෂේන් ගිම්හාන
VFX අධ්‍යක්ෂවරුන්: බුද්ධික විජේරත්න, සමින්ද වටවනවිතානගේ
මාධ්‍ය සම්බන්ධීකාරක: ඇන්ටන් ජේ ප්‍රනාන්දු
සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක: තිලංක රත්නායක
Written by Kavinu Weerakkody