ලිංගිකත්වයෙන් එහාගිය හුස්මක් ගන්න, “හුස්ම” බලන්න එන්න.
මේ දවස් වල සාර්ථක අයුරින් තිරගත වන චිත්රපටයක්. අධ්යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙන්. වාණිජ සිනමාවේ නැත්නම් “බයිස්කෝප්” වර්ගයේ චිත්රපට නිර්මාණය කරමින් සිටි සුදේශ් වසන්ත, වෙනස් ආරක සිනමා භාවිතාවකට යොමුවෙලා නිර්මාණය කළ චිත්රපටයක්.
“මම බයිස්කෝප් චිත්රපට කාරයෙක්, මම මීට කලින් ඒ වර්ගයේ චිත්රපට 20කට වැඩි ගණනක් නිර්මාණය කළා. හැබැයි කාලයත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි 70,80 දශකයේ සිනමාවත් එක්ක හිටපු ප්රේක්ෂකාගාරය නෙමේ දැන් තියෙන්නේ කියන එක. ඊට වඩා සම්පුර්ණ වෙනස් ඕඩියන්ස් එකක් දැන් ඉන්නේ, ඒ ඕඩියන්ස් එකත් එක්ක ඉස්සරහට යන්න නම් මම වෙනස් අත්හදා බැලීමක් කරන්න ඕනේ කියන අදහසින් තමයි හුස්ම නිර්මාණය කලේ, බිත්ති හතරක් ඇතුලට කොටුවුණු චරිත හතරක් පැය පහක කාලයක් පුරා මුහුණදෙන සිද්දි මාලාවක් තමයි චිත්රපටයට පාදනම වෙන්නේ, ඒ වගේම, “ගැහැණිය”ට මරණින් පස්සේ වත් නිදහසක් නොදෙන සමාජ ක්රමයක් මේ කියන එකත් මේ චිත්රපටයෙන් සාකච්චා කෙරෙනවා” අධ්යක්ෂ සුදේශ් වසන්ත චිත්රපටය ගැන මතුකලේ එවැනි අදහසක්.
“මේ චිත්රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වුනත් මේක හැම කෙනෙක්ම බැලිය යුතු එකක් කියල මට වෙලාවකට හිතෙනවා, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ ගැහැණු, පිරිමි හැමෝම මේක බලන්න ඕනේ, බලල විතරක් නෙමෙයි මේ කතා කෙරෙන සිදුවීම් ගැන ගැඹුරින් හිතන්නත් පෙළඹෙන්න ඕනේ කියල මම හිතනවා” චිත්රපටයේ ප්රධාන නිළිය චමත්කා ලක්මිණි පවසනවා.
දසුන් පතිරණ මෙහි රඟපාන එක නළුවෙක්. ඔහු චිත්රපටය ගැන මෙහෙම කියනවා. “මේක වැඩිහිටියන්ට පමණයි” කියල තිරගත කෙරෙන්නේ ලින්ගිකත්වය මත පදනම්ව. ඒ වුනත් මේක බලන්න එහෙම බාධා නොතිබිය යුතුයි කියල මම හිතන්නේ. මේකේ තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතේ, අපි මේ ජීවිතය ඇතුලේ කරන දේවල්, අපි මවාපාන දේවල්, ඒවායේ තියෙන බොරුව ගැන ගැඹුරින් හිතන්න පෙළඹවීමක් ලැබෙන චිත්රපටයක් මේක, ඒ නිසා මම අපේ ප්රේක්ෂකයින්ට ආරාධනා කරනවා එන්න ඇවිත් හුස්ම බලන්න, බලල ඔයාගේ කමෙන්ට් එක දෙන්න කියල”
මගේ රංගන ජීවිතයට මේක ලොකු හුස්මක්, ඉතිං ඒ හුස්ම පපුව පිරෙන්නම මම ගත්තා කියල හිතනවා. මේක වෙනස්ම ආරක චිත්රපටයක්. වැඩිහිටියන්ට පමණයි කියල දැක්ක ගමන් ලිංගිකත්වය සහ සෙක්ස් සීන් කියන තැනින් මේක කියවන්නේ නැතුව මේකේ තියෙන ගැඹුර ගැන, මේ කතා කරන විෂය ගැන, ස්ත්රීත්වය, ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වන වෙනස, සහ ගැහැණියගේ දරාගැනීමේ හැකියාව, සටන් කිරීමේ හැකියාව වගේ ගැඹුරු කාරණා ටිකක් ගැන සවිඥානිකව හිතන්න “හුස්ම” බලන්න එන්න කියල මම ප්රේක්ෂකයින්ට ආරාධනා කරනවා” රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පවසනවා.
“හුස්ම” දැන් දිවයින පුරා තිරගත වනවා. ඔබත් තවමත් හුස්ම නැරඹුවේ නැත්නම්, දැන්ම ඔබට ලඟම සිනමාහලෙන් හුස්ම නරඹන්න. වෙනස්ම සිනමා අත්දැකීමක් විඳගන්න අපි ඔබට ආරාධනා කරනවා.
Written by Nisanka Weheraduwa