වරුන් සහ අනුෂ්කා සමග Made in India ළඟදීම තිරයට

Avatar Nisanka Weheraduwa | September 11, 2018 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

2014 වර්ෂයේ ඉන්දීය රජය ජනතාව දැනුවත් කිරීම සඳහා අපූරු පියවරක් අනුගමනය කරනවා. ඒ Make in India කියන කැම්පේන් එක. ඉන්දීය රජය මේ මගින් බලාපොරොත්තු වුනේ ජනතාව අතරේ යම් පෙළඹවීමක් ඇති කරන්න. රට ගොඩනැංවීම වගේම නව ආර්ථික පිළිවෙතක් වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කළ බව එවක ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා. එම වැඩපිළිවෙල සාර්ථක වූ බව ඉන්දියාව පවසා තිබුනේ රැකියා වෙළඳපොළ පුළුල් කිරීමට හැකිවීම සහ FDI අගය (සෘජු විදෙස් ආයෝජන) මාස 16ක් තුළ 48%කින් වර්ධනය කරගැනීමට ඔවුන් සමත්ව තිබු හේතුවෙන්. කෙසේ නමුත් ඉන්දීය ආර්ථික දේශපාලනික වපසරිය පුළුල් කළ Make in India ගැන නොවෙයි මේ කතාව. ඒ වැඩපිළිවෙලේ ආරම්භය ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටයක් පිළිබඳවයි.

චිත්‍රපටය නම්කොට තිබෙන්නේ Sui Dhaaga Made in India නමින්. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය Needle & thread ලෙස නම්කොට තිබෙනවා. චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂ කලේ Sharat Katariya විසින්. ජනප්‍රිය ඉන්දීය නළුනිළි යුවලක් වන Varun Dhawan සහ Anushka Sharma මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. Raghubir Yadav මෙහි අනික් උපප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වනවා. 2018 වසරේ පෙබරවාරියේදී ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ්හි චන්දෙරි ප්‍රදේශයෙන් මේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කොට තිබෙනවා. මාර්තු මස Bhopal සහ Delhi නගරයන්හිදී රුගත කිරීම් සිදු කළ චිත්‍රපටය අප්‍රේල් මස අවසන් වනවිට රුගත කිරීම් අවසන් කළා. චිත්‍රපටයේ අපූරු දර්ශන නිර්මාණය කළ කැමරා අධ්‍යක්ෂවරයා Anil Mehtaයි.

සැප්තැම්බර් 28 වැනිදා චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කිරීමට සුදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. චිත්‍රපට කණ්ඩායම මේ වනවිට සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කොට අවසන්. සමාජ ජාලා හරහා ඔවුන් දැවැන්ත අවධානයක් චිත්‍රපටය වෙත යොමුකරවා ගැනීමට සමත්ව තිබෙනවා. චිත්‍රපට දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත්වනු ඇතැයි විචාරක මතය වී තිබෙනවා.

Share

50 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.