වසර 11කට පසු Fardeen Khan යළිත් සිනමා තිරයට

Avatar Kavinu Weerakkody | January 7, 2022 38 Views 0 Likes 5 On 1 Rating

38 Views 5 On 1 Rating Rate it

බොලිවුඩ් රංගන ශිල්පී Fardeen Khan, වසර 11කට පසුව යළිත් සිනමා රංගනයට සඳහා පිවිසෙන්නට නියමිත බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ… 2000-2006 කාල සීමාව තුළ බොලිවුඩයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකට රංගනයෙන් එක් වූ ඔහු ඒ කාලයේදී බොහොම කාර්යබහුල රංගන ශිල්පියෙක් විදිහටයි සැලකුණේ. නමුත් 2010 වසරේ අසාර්ථක Dulha Mil Gaya චිත්‍රපටයෙන් පසුව Fardeen Khan එක්වරම සිනමා තිරයෙන් ඈත්ව ගියා. ඉන්පසුව මේ වෙනතෙක් ඔහු කිසිදු සිනමාපටයකට රංගනයෙන් එකතු වුනේ නැහැ.

නමුත් ඔහු දැන් යළිත්, upcoming හින්දි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා සම්බන්ධ වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව 2010 වසරේ Dulha Mil Gaya චිත්‍රපටයෙන් වසර එකොළහකට පසුව Fardeen Khan රඟන පළමු චිත්‍රපටය වන්නේ මෙයයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු ඇරඹි මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Kookie Gulati විසිනුයි. 2021 වසරේදී Disney Plus Hotstar හරහා නිකුත් වූ Abhishek Bachchan ප්‍රධාන චරිත නිරූපණය කරන The Big Bull චිත්‍රපටයට පසුව Gulati අධ්‍යක්ෂණය කරන දෙවන නිර්මාණය වන්නේ ද මෙයයි. Fardeen Khan සමඟින් වර්තමාන හින්දි සිනමාවේ ජනප්‍රියම ප්‍රහසන රංගන ශිල්පියෙක් වන Riteish Deshmukhත් මේ නිර්මාණයේ ප්‍රධාන චරිතයකට එක්ව තිබෙනවා.

Pinkvilla වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට චිත්‍රපටය title කර තිබෙන්නේ Visfot යන නමිනුයි. ත්‍රිලර් ( Thriller ) ශානරයට අයත් නිර්මාණයක් විදිහට ආරංචි වුණත් මෙහි කතා තේමාව ගැන වැඩිදුර විස්තරයක් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් Kookie Gulati මීට පෙර අධ්‍යක්ෂණය කළ The Big Bull ( 2021 ) චිත්‍රපටයට ලැබුනු feedback නිසාම රසිකයින් බොහෝ දෙනෙක් Visfot ගැනත් කතාබහ කරන්නට පටන් ගෙනයි තිබෙන්නේ. Visfot නිෂ්පාදනය කරන්නේ හින්දි සිනමාවේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිර පිටපත් රචකයෙක් වන Sanjay Guptaගේ White Feather Films සිනමා සමාගමෙනුයි.

නිෂ්පාදක Sanjay Guptaට ආවේණික Dark – Action ගතිය මේ චිත්‍රපටය තුළිනුත් රසිකයින් බලාපොරොත්තු වන ආකාරයකුයි පෙනෙන්නට තිබෙන්නේ. වසර ගණනාවකට පසු යළිත් සිනමාවට පය තබන Fardeen Khanට ගැළපෙනම අන්දමේ Comeback නිර්මාණයක් Visfot තුළින් ලැබී තිබෙන බව රසිකයින්ගේ අදහසයි. මේ අවස්ථාව නිවැරදිව use කළොත් Fardeenට නැවතත් බොලිවුඩය තුළ ස්ථාවර වීම සිතන තරම් අපහසු වෙන එකකුත් නැහැ.

“ Excited to announce this fiery combination of @Riteishd – #FardeenKhan for our next, #VISFOT.
Directed by @kookievgulati Also starring @bapat_priya
Produced by #BhushanKumar #KrishanKumar #AnuradhaGupta
@_SanjayGupta @TSeries

#WhiteFeatherFilms “

ඉහත ට්විටර් පණිවුඩය T Series නිෂ්පාදන ආයතනයෙන් නිකුත් කළේ Visfot හි පූජා උත්සවය පැවති දිනයේදී යි.

Sanjay Gupta නිෂ්පාදනයෙන් සම්බන්ධ වන බහුතරයක් චිත්‍රපට වගේම මෙයත් ‍විදේශීය චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක්! ඔවුන් නිවේදනය කර තිබෙන ආකාරයට Rock Paper Scissors ( Piedra Papel O Tijera ) නැමැති වෙනිසියුලානු චිත්‍රපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණය වශයෙනුයි Visfot නිර්මාණය වෙන්නේ. Rock, Paper, Scissors යනු 2012දී වෙනිසියුලාව වෙනුවෙන් ඇකඩමි සම්මාන උළෙල පවා නියෝජනය කළ සම්මානිත සිනමාපටයක්.

Riteish Deshmukh සහ Fardeen Khanට අමතරව Priya Bapat, Rohit Roy, Krystle D’Souza වැනි නලු නිළි පිරිසකුත් මෙහි රංගනයෙන් දැකගන්න පුලුවන්. මේ චිත්‍රපටය Riteish Deshmukh සහ Fardeen Khan එක්ව රඟපාන පළවෙනි අවස්ථාව නම් නෙමෙයි. මීට පෙර Heyy Babyy හින්දි සිනමාපටයේ ප්‍රධාන චරිත දෙකකටත් ඔවුන් දෙදෙනා රංගනයෙන් එක් වුනා. ඒ මීට අවුරුදු 15කට පෙර 2007 වර්ෂයේදී යි.

Visfot සිනමාපටයේ තිර රචනය සිදු කර තිබෙන්නේ Hussain Dalal සහ Abbas Dalal විසිනුයි. Kalank, Saaho, Baaghi 02, 2 States, Roy ඇතුළු ජනප්‍රිය නිර්මාණ ගණනාවක දෙබස් සහ පිටපත් රචනයෙන් ඔවුන් දෙදෙනා සම්බන්ධ වී තිබෙනවා. Sanjay Gupta අවසන් වරට අධ්‍යක්ෂණය කළ Mumbai Saga හි කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ Shikhar Bhatnagar, Visfot සඳහාත් සම්බන්ධ වනවා.
පසුගිය ඔක්තෝබර් – නොවැම්බර් කාලයේදී මුම්බායි නරගය ආශ්‍රිතව රූපගත කිරීම් කටයුතු පටන් ගත් මෙය 2022 වසර ඇතුළත නරඹන්නට හැකියාවක් පවතින බවත් පැවසෙනවා. බොලිවුඩ් මාධ්‍ය අනුව, Riteish Deshmukh සහ Fardeen Khan විසින් රඟපෑමට නියමිතව තිබෙන්නේ එකිනෙකාට ප්‍රතිවීර චරිත දෙකක්. Fardeen විසින් ටැක්සි රියදුරෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ චරිතයකුත්, Riteish විසින් ගුවන් නියමු චරිතයකුත් නිරූපණය කිරීමට නියමිතයි. වෙනිසියුලානු චිත්‍රපටයේ ඇතුළත් එහෙත් ඉන්දීය ප්‍රේක්ෂකාගාරයට නොගැළපෙන කොටස් කිහිපයක්ම Dalal සහෝදරයින්ගේ පිටපතෙන් ඉවත් වූ බවකුත් දැනගන්නට ලැබෙනවා.‍

 

“Guess who came a visiting !
Can’t wait to start work with this gem of a guy!
We worked together as actors in my friend @suparnverma ‘s directorial debut #ekkhiladiekhaseena and now can’t wait to direct Fardeen in a film I’m working on! Deets out soon!”

Visfot සිනමාපටයේ උපප්‍රධාන චරිතයක් හොබවන Rohit Roy විසින් Fardeenගේ නැවත පැමිණිම ගැන සුබ පැතුවේ එලෙසින්…

“I am really happy that Fardeen and Riteish are teaming up for this extremely special project. My team and I put in every bit of our blood, sweat, and tears to make each of our projects count.
This film has been in the works for a while and I’m proud to say that Visfot will roll by the end of the month.
We’re geared up for this.”

පසුගිය ඔක්තෝබර් මාසයේදී සන්ජේ ගුප්තා විසින් චිත්‍රපටයේ රූපගත කිරීම් පිළිබඳව පැවසූයේ එවන් අදහසකුයි. මීට පෙර Fardeen සහ Riteishගේ කිසිදු චිත්‍රපටයක නොදුටු ආකාරයේ වෙනස්ම චරිත නිරූපණයක් මේ තුළින් රසිකයින් දැකගන්න ලැබේවි කියලත් ඔහු එහිදී සනාථ කළා. Visfot චිත්‍රපටය වෙනුවෙන් තමන් වසර 03කට වැඩි කාලයක් වැය කළා කියලයි සන්ජේ ඒ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියේ…

“ #Visfot Day 1: The journey begins-  Thrilled to collaborate with @_SanjayGupta  #BhushanKumar  @kookievgulati
@bapat_priya and my dearest friend @FardeenFKhan “
Visfot හි රූගත කිරීම් ඇරඹි දිනයේදී තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා Riteish Deshmukh ඉහත සටහන පළ කළා.

වර්තමාන හින්දි සිනමාවේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියෙකු වන Riteish Deshmukhව අවසාන වරට අපට දැකගන්න ලැබුනේ 2020 වර්ෂයේ Baaghi 03 සිනමාපටය හරහායි. Housefull චිත්‍රපට මාලාව තුළින් ඉන්දියාව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු මරාති සිනමාවේ ත් කැපී පෙනෙන නලුවෙක්. Riteish Deshmukh රංගනයෙන් එක් වූ පළමු මරාති චිත්‍රපටය Lai Bhaari, එකල වැඩිම ආදායම්ලාභි මරාති චිත්‍රපටය බවටත් පත්වුනා. Ek Villain, Grand Masti, Dhamaal, Malamaal Weekly ආදිය රිතේෂ්ගේ සිනමා ගමනේ කැපී පෙනෙන නිර්මාණ කිහිපයක්…‍
රංගන ශිල්පියෙකුගේ භූමිකාවට අමතරව සාර්ථක නිෂ්පාදකවරයෙකුගේ භුමිකාවත් රිතේෂ් මනාව හසුරුවනවා. Balak-Palak, Faster Fene වැනි ප්‍රසිද්ධ මරාති චිත්‍රපටවල නිෂ්පාදකවරයා වන්නේ Riteish Deshmukhයි.

Fardeen Khan යනු 1960 දශකයේ ජනප්‍රිය හින්දි නලුවෙකු වූ Feroz Khanගේ පුත්‍රයායි. 1998 වර්ෂයේ තිරගත වූ Prem Aggan චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි Fardeen Khan, එහි රංගනය උදෙසා Filmfare Best Debut සම්මානය පවා ජයග්‍රහණය කළා. Prem Aggan චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනය සියල්ලම සිදු කළේ Fardeenගේ පියා Feroz Khan විසිනුයි. සතුටුදායක බොක්ස් – ඔෆිස් ආදායමක් ලබා ගන්නට එයට නොහැකි වුණත් හින්දි සිනමාවට තමන්ගේ පුත්‍රයාව හඳුන්වා දීමට Feroz Khanට තිබූ අරමුණ Prem Aggan තුළින් සාර්ථක වූ බවයි සිනමා විචාරකයින් පවා සඳහන් කරන්නේ…

Jungle, Love Ke Liye Kuch Bhi Karega, Bhoot, Janasheen, All the Best: Fun Begins වැනි ආකාර්ෂණීය චිත්‍රපට රාශියක රඟපෑ ෆර්දීන් ඛාන් 2001-2007 සීමාව තුළ තමන්ගේ ජනප්‍රියත්වයේ උපරිමයට ළඟා වුනා. නමුත් 2010දී Dulha Mil Gaya චිත්‍රපටයෙන් පසුව එක්වරම සිනමාවට සමු දුන් ඔහු ඉන් පසු කිසිම චිත්‍රපටයකින් දැකගන්න ලැබුනෙත් නැහැ.

සිනමාවට සමු දුන් පසු විශාල වශයෙන් ස්ථුලභාවයට පත් වූ Fardeen Khanගේ ඡායාරූප එකල බොහෝ දෙනෙකුගේ හාස්‍යයටත් ලක්වුනා. කෙසේ වුවත්, Fardeen Khanගේ මෙම නැවත පැමිණීම පිළිබඳව රසිකයින් සහ බොහෝ නලු නිළියන් උද්යෝගයෙන් බලා සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. 2000 මුල දශකයේදී ඔහුට තිබූ ජනප්‍රියත්වය නැවතත් ළඟා කර ගන්නට Fardeenට හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.

Share

38 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.