වැලන්ටයින් දිනයට ලෑස්තිද..?
පෙබරවාරි 14 වැනිදාට යෙදෙන වැලන්ටයින් දිනය සමරන්න ආදරවන්තයින් නොයෙක් විදිහට සූදානම් වනවා. ඒ දවස සමරමින් විවිධ දේවල් කරනවා. වෙළඳපොළ මේ අවශ්‍යතා හඳුනා ගන්නවා විතරක් නෙමෙයි ඊට ගැලපෙන විදිහට භාණ්ඩ සහ සේවාත් නිෂ්පාදනය කෙරෙනවා. මේ කියන්න යන්නෙත් එක්තරා විදිහක වෙළඳපොලක් ගැන තමයි.
සිනමාව කියන්නෙත් කර්මාන්ත්යාක්. එහෙම නම් ඒකටත් වෙළඳපොළක් තියෙනවා. ආදරවන්තයින්ගේ දිනය නැත්තන් වැලන්ටයින් කියන්නේ සිනමාවටත් හොඳ මාතෘකාවක්. බොලිවුඩය මේ දවසේ නිකුත් කරන්න යන චිත්‍රපටයක් ගැන තොරතුරු තමයි මේ.
චිත්‍රපටයේ නම Gully Boy. මේ කතාව Divine සහ Naezy කියන Street rappersල දෙන්නෙක් ගැන. චිත්‍රපටයේ මේ ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වන්නේ Ranveer Singh සහ Alia Bhatt. චිත්‍රපටයේ තිර රචනය Zoya Akhtar සහ Reema Kagti විසින් සිදුකොට තිබෙනවා. අධ්‍යක්ෂණය කලෙත් Zoya Akhtar විසින්මයි. Kalki Koechlin, Vijay Raaz, Siddhant Chaturvedi මේ චිත්‍රපටයේ අනික් චරිත රඟපානවා.
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් මේ චිත්‍රපටය ඉන්දියාවේ සහ ලෝකය පුරා විසිරුණු බොලිවුඩ් රසිකයින් වෙනුවෙන් තිරගත කෙරෙනවා. චිත්‍රපටය ගැන බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න බවත් මේක ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගනියි කියල අපේක්ෂා කරන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වුනා. ඒක ඇත්තටම ප්‍රේක්ෂකයින් කොහොම බාරගනිද කියන එක දැනගන්න නම් පෙබරවාරි 14 වැනිදා වනතුරු බලා ඉන්න වෙනවා.
Written by Nisanka Weheraduwa