වැසිජල සුරැකුමට කෙටි චිත්‍රපට තරගයක්

Avatar Nisanka Weheraduwa | December 26, 2017 26 Views 0 Likes 0 Ratings

26 Views 0 Ratings Rate it

ලංකා වැසිජල රස්කරන්නන්ගේ සංසදයේ “වර්ෂා” සිනමා පදනම මගින් කෙටි චිත්‍රපට තරගයක් සංවිධාන කොට තිබෙනවා. ජලය රස කිරීම සහ ජාල සංරක්ෂණයේ වැදගත්කම යන තේමාව යටතේ මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා විවෘතව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් තරගකරුවන්ගේ නිර්මාණ අයදුම්පත් කැඳවන බව එම සංසදය සඳහන් කරනවා. ඕනෑම භාෂා මාධ්‍යයකින් මේ සඳහා අයදුම්පත් යොමුකළ හැකියි. පිටපත විනාඩි 20කට අඩු කාලයක් සඳහා සුදානම් කල යුතු බව සංවිධායකයින් දැනුම් දෙනවා. ජයග්‍රහණය කරන පිටපතට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රුපියල් 100,000/-ක මුල්‍ය අනුග්‍රහයක්  ලබාදීමට සංවිධායකයින් සුදානම්. අයදුම්පත් PDF මාධ්‍යයෙන් ජනවාරි 15 වැනිදාට පෙර යොමුකළ යුතුයි. HRLRWHF@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට අයදුම්පත් යොමු කල යුතු වනවා. 0115 – 574612 දුරකථන අංකයෙන් සහ www.lankarainwater.org වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Share

26 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.