විකී කෞෂාල් – කරන් ජොහාර් අලුත්ම වැඩක

Avatar Nisanka Weheraduwa | June 10, 2019 26 Views 0 Likes 0 Ratings

26 Views 0 Ratings Rate it

විකී කෞෂාල් කියන්නේ ඉන්දියානු සිනමාවේ තරුණ පරපුර නියෝජනය කරන අති දක්ෂ නළුවෙක්. ඔහු තමන්ගේ හැකියාවන් එක්ක මේ වෙද්දී ක්ෂේත්‍රයේ ස්ථාවර තැනකට ඇවිත්. Masaan කියන්නේ සම්මානනීය ඉන්දියානු චිත්‍රපටයක්. එහි රංගනයෙන් එක්වුනු විකී කෞෂාල් ගැන ක්ෂත්‍රයේ ලොකු අවධානයක් ඇති වුනෙත් මේ චිත්‍රපටයත් එක්කමයි.

Love per square foot, Lust stories, Manmarziyaan, Uri, Raazi වගේ පසුගිය වසර දෙකේ නිර්මාණය වුනු ඉතා ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගත් චිත්‍රපට එක්ක විකී, තමන්ගේ හැකියාවන් අපූරුවට පෙන්වා තිබෙනවා. මේ තොරතුර විකීගේ අලුත්ම රංග කාර්යක් ගැන.

1560139559-BHOOT

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබ Instagram හරහා ඔහුව follow කරනවා නම් මේ පින්තුරය දකින්න ඇති. මේ විකී රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක පෝස්ටරයක්. මේ Dharma productions වෙනුවෙන් Karan Johar නිර්මාණය කරන Bhoot part one – The hunted ship චිත්‍රපටයේ පෝස්ටරය. චිත්‍රපටයට ප්‍රධාන චරිතයට නිරුපණය කරන්නේ විකි කෞෂාල්. විකී තමන්ගේ Instagram ගිණුමෙන් මේ පෝස්ටරය නිකුත් කරමින් සඳහන් කරලා තිබුනේ 2019 නොවැම්බර් 15 වැනිදා චිත්‍රපටය තිරගත කරන්න සුදානම් බවයි. මේ චිත්‍රපටය වෙනස්ම විදිහක Horror movie එකක් කියලත් බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොම නමුත් තවත් ටික දවසකින් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ වෙයි කියලත් සමහර ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරලා තිබුනා. කරන් – විකී එක්ක එකතුවෙන් නිපදවෙන අලුත්ම චිත්‍රපටය ගැන විස්තර ලැබෙන සැනින් ලංකාවේ බොලිවුඩ් රසිකයින්ට දන්වන්න cinema.lk සූදානම්.

Share

26 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.