විචාරක මතය අනුව අසාර්ථක චිත්‍රපටයක් ප්‍රේක්ෂක අවධානය දිනාගනියි

Avatar Nisanka Weheraduwa | May 10, 2018 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

සිනමා කර්මාන්තය ආශ්‍රිත තවත් විවිධ ක්ෂේත්‍රයන් තිබෙනවා. ඒ එකිනෙක සම්බන්ධ වන්නේ හරි අපූරු විදිහකට. විචාරය එහෙමත් නැත්නම් Critics කියන විෂයත් එවැන්නක්. සිනමාපටයක් අලුතින් නිර්මාණය වූ පසුව විවිධ විචාරකයන් තම තමන්ගේ මතය අනුව මේ චිත්‍රපට විචාරයට ලක් කරනවා. ඇතැමුන් විචාරක අදහස් මත චිත්‍රපටය බැලීම හෝ නොබැලීම තීරණය කරන අවස්ථා ඉන්දියාවේ, යුරෝපයේ  සහ හොලිවුඩ් වැනි දියුණු සිනමා කර්මාන්ත සහිත රටවලදී හඳුනාගත හැකියි.

පසුගියදා බොලිවුඩ් සිනමා කර්මාන්තයට තවත් අලුත් සිනමා නිර්මාණයක් නිකුත් කෙරුනා. දැනට දින 20කට පමණ පෙර නිකුත් කෙරුණු මේ චිත්‍රපටය නම්කොට තිබුනේ Naanu Ki Jaanu ලෙසින්. 2014 වර්ෂයේ තිරගත වුනු Pisaasu නම් ද්‍රවිඩ චිත්‍රපටය ආශ්‍රයෙන් මේ සිනමාපටයත් නිර්මාණය කෙරුනා. Horror comedy ලෙස මේ චිත්‍රපටය වර්ගීකරණයට ලක්කොට තිබුනා. Faraz Haider විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට අනුවර්තිත තිර පිටපත රචනා කලේ Manu Rishi විසින්. Abhay Deol සහ Patre Lekha චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරනවා. S.R.Sathish Kumar මෙහි සිනමා කැමරා අධ්‍යක්ෂවරයා වනවා.

කෙසේ නමුත් චිත්‍රපටයේ කතා තේමාව ප්‍රේක්ෂකයන් තුළ හාස්‍ය උත්පාදනය කිරීමට සමත් බව පොදු ප්‍රේක්ෂක මතය වනවා. ඒ හේතුවෙන් මෙය යම් තරමක ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් වූවක්. නමුත් සිනමා විචාරකයින්ට අනුව එය අසාර්ථක අනුවර්තනයක් වනවා. ලකුණු 5ක් ලබාදිය හැකි අවස්ථාවකදී මෙම චිත්‍රපටයට ලබාදිය හැක්කේ ලකුණු 1-2 අතර අගයක් බව බොහෝ විචාරක මතය වී තිබෙනවා. මෙය අසාර්ථක අනුවර්තනයක් බවත් අදාළ දමිළ සිනමාපටයේ රසයට හානියක් වන බවත් ඇතැම් විචාරකයින් අදහස් පල කරනවා. නළු නිළියන්ගේ හැකියාවන් අපතේ යැවීමක් ලෙසත් සමහර විචාරකයින් මත පල කොට තිබුනා. Times of India, Bollywood Hungama, NDTV, Hindusthani Times වැනි මාධ්‍ය වල ප්‍රකට සිනමා විචාරකයින් බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය පිලිබඳ සෘණාත්මක අදහස් පලකොට තිබුනා.

 

Share

2 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.