Sri Lanka's Best Cinema Portal

 

“විසංගමනය” සිනමාපටයේ ජාත්‍යන්තර ඇගයීම පිළිබඳ නිවැරැදි කිරීමක්

0
Posted May 23, 2019 by Nisanka Weheraduwa in Articles
First Time Film Makers Session April

පසුගිය මැයි මස 11 වෙනිදා “විසංගමනය එංගලන්තයේදී අගැයුමට”  යන ශීර්ෂය යටතේ අප වෙබ් අඩවියේ පලවූ ලිපියේ අඩංගු ඇතැම් කරුණු  නිවැරැදි නොවන බවත්, අදාල උළෙලේ සංවිධායකයින් හා විවිධ
පාර්ශවයන් අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ අනුව එය පහත සඳහන් පරිදි නිවැරැදි විය යුතු බවත් දන්වා සිටිමු.
(01). මෙම උළෙල  සිනමාශාලා හරහා ජනතාවට සිනමාපට ප්‍රදර්ශනය කරන සම්ප්‍රදායික ගනයේ අන්තර්ජාතික සිනමා උළෙලක් නොවන අතර, එය අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මහජනතාවට සිනමාපට ප්‍රදර්ශනය කරන ඔන්ලයින් සිනමා උළෙලකි (Online Film Festival). ඒ අනුව මෙම උළෙලට ඇතුලත් කරගන්නා සිනමාපට “Vimeo” වෙබ් අඩවියට පිවිස “On Demand” පදනම යටතේ මුදල් ගෙවා නැරඹීමට ප්‍රෙක්ෂකයාට පහසුකම් සලසා ඇත.
(02).”විසංගමනය” සිනමාපටය නියෝජනය කල උළෙල “London Lift-Off Film Festival” ලෙස සදහන් වීම නිවැරැදි නොවන අතර,  විසංගමනය” සහභාගි වූ උළෙල “First Time Film Makers Sessions” ලෙස නිවැරැදි විය යුතුය. “London Lift-off Film Festival” සෑම වසරකම දෙසැම්බර් මස පවත්වන අන්තර්ජාතික සිනමා උළෙලක් වන අතර , “First Time Film Makers Session” උළෙල ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසර පුරා එක් මසකට එක් අදියර බැගින් අදියර 12ක්  පවත්වන ඔන්ලයින් සිනමා උළෙලකි. මෙම උළෙලයන් ද්විත්වයම “The Lift-off Global Network” ආයතනය විසින් සංවිධානය කෙරේ. එහෙත් “First Time Film Makers Session” උළෙල, ” Lindon Lift-off Film Festival” හි කොටසක් නොවේ.
(03). “First Time Film Makers Session” ට අදාලව “Vimeo” හරහා ප්‍රේක්ෂකයන්ට සිනමාපට ප්‍රදර්ශනය කිරීම සෑම මසකම එක් සතියකට පමණක් සීමා වන අතර , එකී කාල සීමාව තුල තමන් නැරඹූ සිනමාපට අතුරින් , කැමතිම සිනමාපට දෙකක් සදහා ජන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ප්‍රේක්ෂකයාට හිමිවේ. එලෙස වැඩිම ප්‍රේක්ෂක මනාපය ගන්නා සිනමාපට 05  ජූරියකට ඉදිරිපත් කොට ඒ අතුරින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ. මේ අනුව  සිනමාපට 38ක් අප්‍රියෙල් මසට අදාල “First Time Film Makers Session- April” හි ප්‍රදර්ශනය කෙරුනි. ඒ අතුරින් “විසංගමනය” ඇතුලුව සිනමාපට 5ක් ජනතා ජන්දයෙන් අවසාන වටයට සුදුසුකම් ලැබීය. ඒ අතුරින් “Totem” නම් සිනමාපටය අප්‍රියෙල් අදියරේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරුනි. මෙහිදී ජයග්‍රාහකයා සඳහා සම්ප්‍රදායික සිනමා උළෙලක මෙන්  සම්මාන ප්‍රදානය කිරීමක් සිදුනොවන අතර, ජයග්‍රාහී සිනමාපටයේ හිමිකරුට සිය සිනමාපටය එක්සත් රාජධානියේ  “The Lift-off Global Network” ආයතනය පිහිටි “Pinewood Studios’ හිදී මහජනතාවට ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලබා දේ. අවසන් වටයට පැමිණි අනෙකුත් සිනමාපට 4හි සිනමාකරුවන්ට “The Lift-off Global Network” ආයතනයෙහි සමාජිකත්වය සමග ඒ හා බැදුනු පහසුම් නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. ඒ  අනුව ජූරිය විසින් පළමු  ජයග්‍රාහකයා පමණක්  තෝරා දෙනු ලබන අතර,  02 වෙනි ,03 වෙනි , 04 වෙනි ,05 වෙනි ස්ථාන ලෙසින් සෙසු සිනමාපට නම් කිරීමක් සිදු නොවේ. මේ අනුව මැයි 11 ලිපියේ සදහන් පරිදි “විසංගමනය” මෙමෙ උළෙලේ 2වෙනි ස්ථානය ලද බව සඳහන් වීම නිවැරැදි කරුණක් නොවේ. (ජයග්‍රාහී සිනමාකරුට සහ අවසන් වටයට සුදුසුකම් ලද සිනමාකරුවන්ට උළෙල සංවිධායකයින් විසින් යැවූ නිළ ඊමේල් පණිවිඩය පහත ඇත)
(04). ” විසංගමනය” සිනමාපටය  02 වෙනි ස්ථානයට පත්වීම හෝ සම්මාන ලද බව මෙරට සියලුම මාධ්‍යයන් වාර්තා කලේ  ‘විසංගමනය’ සිනමාපටයේ තිර රචක ශිල්පියා විසින් මාධ්‍ය ආයතනයන් සදහා නිකුත් කල මාධ්‍ය නිවේදනය පදනම් කරගෙනය. මෙහිදී උළෙලේ සංවිධායකයින් විසින් ඔවුනට එවූ නිළ ඊමේල් පණිවිඩය හෝ ප්‍රතිඵල ලේඛනයක් ඔවුන් මාධ්‍යට ඉදිරිපත් කිරීමක් කටයුතුකොට නොතිබුණි. මෙහිදී සිදුව ඇත්තේ උළෙල සංවිධායකයින් විසින් එවූ ඊමේල් පණිවිඩයේ අන්තර්ගතය නිවැරැදිව වටහා ගැනීමට “විසංගමනය” සිනමාපටයේ අදාල බලධාරීන් අසමත් වීමය. ඊමේල් පණිවිඩයට අනුව ජයග්‍රාහකයා
තේරීමක් පමණක් සිදුවන අතර, 2,3,4 හා 5  ස්ථාන නම් කිරීමක් සිදුනොවේ . එහෙත් ජයග්‍රාහී සිනමාපටය අත්හැර අවසන් වටයට තේරුනු සෙසු සිනමාපට හතර ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර අනුපිළිවෙලට පෙළගැස්සූ විට (Isolation/ La Rose de Sang/ Super tinga hero from two continents/ The flowers of cassia fistula & mango) ශ්‍රී ලංකාවේ විසංගමනය (Isolation) සිනමාපටය සෙසු සිනමාපට 03 ට පෙර  ඊමේල් පණිවිඩයේ ස්තනගතව ඇති  නිසා, “විසංගමනය” සිනමාපටයට 02වෙනි  ස්ථානය ලබා ගෙන ඇති බවට වැරදියට වටහාගෙන ඇතැයි  පැවසේ.
Feature Winners of First Time Filmmaker Sessions April 2019 isolation web poster
Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2