විසාකේස “පාංශු” සමග ඊජිප්තු යයි – උදිත ලක්මාල්

Avatar Nisanka Weheraduwa | February 25, 2019 103 Views 0 Likes 0 Ratings

103 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

ඊජිප්තුවේ ඈස්වාන් නගරය ආශ්‍රිතව පැවැත්වෙන 03 වෙනි ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලේ ( Aswan International Women Film Festival) අන්තර්ගත දීර්ඝ සිනමාපට තරඟය ( Long Films Competition) යටතේ උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද “පාංශු” චිත්‍රපටයේ මහජන දර්ශනය, එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24 – ඉරිදා) හෙල්නන් ඈස්වාන් සිනමා ශාලාවේදී පැවැත්වුනි.

2017 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලේ තෙවන අදියර සඳහා කෙටි හා දීර්ඝ චිත්‍රපට 32ක් තරඟකාරි අංශන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, ඒ අතුරින් ප්‍රංශය, ග්‍රීසිය, චීනය, ඩෙන්මාර්කය, මොරොක්කෝව, ජෝජියාව, යේමනය, ලෙබනනය, හංගේරියාව ආදි රටවලට අයත් දීර්ඝ සිනමාපට 11ක් සමග ශ්‍රී ලංකාවේ “පාංශු” චිත්‍රපටය උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය වන “දීර්ඝ සිනමාපට තරඟය” අංශය නියෝජනය කරයි. පසුගිය 20 වෙනිදා ආරම්භ වූ සිනමා උළෙල හෙටින් (26) අවසන් වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

103 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.