ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක්…? – ඇගේ සැමියා එහි නොසිටි බව හෙළිවේ

Avatar Nisanka Weheraduwa | March 2, 2018 6 Views 0 Likes 0 Ratings

6 Views 0 Ratings Rate it

ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක් බවට මත පලවෙයි. ඉන්දීය මාධ්‍ය, සිවිල් සමාජය මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවා මේ පිලිබඳ විවිධ මත පලකොට ඇත. එවැනි මත දැරීමට හේතුවූ මුලික කරුණු රැසක් ඇති බවද මේ වනවිට හෙළිවී තිබේ.

මරණය පිලිබඳ පරීක්ෂණ කටයුතු වලදී පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් ඇගේ සැමියා වන බොනී කපූර් පවසා තිබුනේ තමා ඇයව පුදුම කරවීම සඳහා ඇය නවාතැන්ගෙන සිටි හෝටලය වෙත පැමිණි බවයි. ඒ අවස්ථාවේ තමා ඇයට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළ බවත්, ඒ සඳහා පිටත්ව යාමට සුදානම් වීමට ඇය නාන කාමරයට පිවිසි අතර මිනිත්තු 15ක් ඉක්මවන තුරුත් ඇය පිටතට නොපැමිණි නිසා දොර විවර කොට බැලු බවත්ය. නමුත් අවස්ථා තුනේදී ඔහු ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර බව දැන් හෙළිවී තිබේ. ඒ අනුව ඇගේ මරණය පිලිබඳ සැකය තීව්‍රවී තිබේ.

ඇය දින තුනක් තිස්සේ නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට නොපැමිණි බවත් ඇගේ මරණයට ටික වෙලාවකට පෙර ඇය හෝටලයේ සේවා සැපයුම් ඒකකය අමතා පානිය ජලය ඉල්ලුම් කළ බවත් සඳහන්. එම ජලය රැගෙන හෝටල් සේවකයා කාමරයට ගොස් පිටත සිට ඇය ඇමතු නමුත් ප්‍රතිචාර නොලැබු නිසා ඔහු සතු ප්‍රවේශ කාඩ්පතින් දොර විවර කොට ඇතුලට ගිය බවත් නාන කාමරයේ සිදුවන අමුත්තක් පිලිබඳ දැනුනු හෙයින් දොර විවර කොට බලු බවත් හෙළිව තිබෙනවා. කෙසේ නමුත් කොරිඩෝවේ CCTV දර්ශන ඉල්ලා ඇතත් ඒවා ලබාදීම හෝටලයේ කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් සඳහන්. සියලු කාරනා ගැලපීමෙන් මෙය මිනිමරුමක්ද යන්න පිලිබඳ දැඩි කුකුසක් ඇතිව තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Share

6 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.