සංජය දත්ගේ ජිවිත කතාව චිත්‍රපටයකට නැගෙයි

Avatar Nisanka Weheraduwa | April 26, 2018 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය වුනු සහ විවිධ ආන්දෝලනයන්ට ලක්වුනු චරිත අතර සංජය දත් විශේෂිතයි. චිත්‍රපට රංගනය මෙන්ම සාමාන්‍ය ජිවිතයේ යම් යම් සිදුවීම් නිසාත් ඔහු හැම විටම බොලිවුඩ්හි පුවත් මවන්නෙක් බවට පත් වුනා. නමුත් සිනමා ප්‍රේක්ෂකයින් ඔහුට තිබු කැමැත්ත සහ ආදරය ඒක ලෙසින්ම පවත්වා ගැනීමටත් ඔහුට හැකියාව ලැබුනා. සිනමාවේ ජනප්‍රිය තරුවක් බවට පත්වූ සංජය දත්ගේ ජිවිත කතාව අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බොලිවුඩ් සිනමාවේදියකු සමත්ව තිබෙනවා. මේ වනවිට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කොට තිබෙනවා.

ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපට වන 3 Idiots, PK, Munna Bhai MBBS වැනි නිර්මාණ සිදුකළ raj Kumar HIrani මෙම නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Abhijat Joshi සමග එක්ව චිත්‍රපටයට තිර රචනය සිදුකොට ඇත්තේත් ඔහු විසින්මයි. චිත්‍රපටය සඳහා වන ප්‍රචාරක වීඩියෝවක් (Teaser campaign) පසුගියදා අන්තර්ජාලයට නිකුත් කොට තිබුනත් පුර්ව ප්‍රචාරක පටය තවම නිකුත් කොට නැහැ. අප්‍රේල් 27 වැනිදා එය නිකුත් කෙරෙන බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. SANJU ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය ජුනි මස 29 වැනිදා තිරගත වීමට ඉඩකඩ ඇතැයි මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

මෙහි සංජය දත් ලෙස රංගනයේ යෙදෙන්නේ ප්‍රසිද්ද ඉන්දීය නළු Ranbir Kapoor. ඔහු පෙනුමින් හැසිරීමෙන් සංජයට සමාන බවක් ප්‍රචාරක වීඩියෝව නැරඹීමෙන් වටහා ගැනීමට හැකියි. Sonam Kapoor, Dia Mirza, Paresh Rawal, Manisha Koirala, Anushka Sharma, Kanishma Tanna ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වනු ඇතැයි මේ වනවිටත් අනාවැකි පල වනවා.

Share

4 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.