සමන් සහ බිමල් බර්ලින් සිනමා උළෙලට
ශ්රී ලාංකීය දක්ෂ තරුණ ශිල්පීන් දෙදෙනෙකු මෙවර බර්ලින් අන්තර්ජාතික සිනමා නියෝජනය කිරීම සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. 67 වැනි බර්ලින් සිනමා උළෙල මේ දිනවල ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වෙනවා. ලොව ප්රමුඛ පෙලේ සිනමා උළෙල වලින් එකක් වන බර්ලින් සිනමා උළෙල සඳහා විවිධ ක්ෂේත්රයන්හි නියැලෙන සිනමාවේදීන් විශාල ප්රමාණයක් සහභාගී වනවා.
ලංකාවෙන් මේ උළෙල සඳහා සහභාගී විමට සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල සහ කලා අධ්යක්ෂ බිමල් දුෂ්මන්ත ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. භුතාන සිනමාපටයක් වන The Red Phallus චිත්රපටය සඳහා සංස්කාරකවරයා ලෙස සමන් සහභාගිව තිබෙනවා. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ශිල්පීය දායකත්වයෙන් නිමැවුනු මේ සිනමාපටය සඳහා ලංකාවෙන් සමන් ඇල්විටිගල සම්බන්ධ වුනා. Berlin talent campus වැඩසටහන, බර්ලින් සිනමා උළෙලට සමගාමිව පැවැත්වෙන්නක්. සමන් ඇල්විටිගල ඒ වැඩසටහනේ පුර්ණ සාමාජිකයෙක්. මෙරට සම්මානනීය දක්ෂ අධ්යක්ෂවරුන් කිහිපදෙනෙකුගේම නිර්මාණ වලට සමන් සංස්කරණයෙන් දායකවී තිබෙනවා.
මෙවර මෙම වැඩසටහන නියෝජනය කරමින් උළෙලට සම්බන්ධ වන රටවල් 100ක් නියෝජනය කරන ශිල්පින් අතරට බිමල් දුෂ්මන්ත තේරී තිබෙනවා. කලා අධ්යක්ෂවරයකු ලෙස ජනප්රිය සම්මානනීය චිත්රපට සඳහා බිමල්ගේ දායකත්වය ලැබී තිබෙනවා. මෙවර බර්ලින් උළෙලේ මෙම වැඩසටහනට තේමාව ලෙස යොදාගෙන තිබෙන්නේ “Baby I’m back” නමැති තේමා පාඨයක්.
බර්ලින් සිනමා උළෙල නියෝජනය කරන සමන් සහ බිමල්, ලාංකීය ශිල්පින් දෙදෙනාට cinema.lk, සුබ පැතුම් එක්කරනවා.
